පොහොර සහනාධාරය,ජලය දෙන්නේ රජය නම් ගොවියා රජයට වී නොදී කොහොමද?

Date:

කොළඹ LNW:පොහොර සහනාධාරය, වාරිමාර්ග ඇතුළු කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් සපයා ගන්නේ ජනතාවගේ බදු මුදලින් වන හෙයින් ගොවියාටද සමාජය ගැන වගකීමක් තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.

ඇතැමුන් රජයට එක වී ඇටයක් හෝ නොදෙන බවට කරන ප්‍රකාශ සමඟ ඒ අනුව රජයට වී මිලදී ගැනීම වෙනුවෙන් පැනනැගී තිබෙන අභියෝගය සම්බන්ධයෙන් මේ වන විට සාකච්ජා වෙමින් තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”සමහරු කියනවනේ ආණ්ඩුවට එක වී ඇටයක්වත් දෙන්නේ නැහැ කියල. ඒක අභියෝගයක්. ඒ අභියෝගයට සමහර අය අපිට උත්තර යෝජනා කරමින් ඉන්නවා පොහොර සහනාධාරය ගන්නවා නම් පොහොර සහනාධාරය ගන්න අය අපි කියන ප්‍රමාණයක් වී අපිට දිය යුතුයි. එය තාම සාකච්ජාවක්. වාරිමාර්ග සපයන්නේ ඩඩ්ලියි රත්නයි නෙවෙයිනේ. බදු ගෙවන ජනතාවගේ සල්ලි. පොහොර සහනාධාරය දෙන්නේ ජනතාවගේ සල්ලි වලින්. වී අලෙවි මණ්ඩලය කරන්න උත්සහ කරන කොට ජනතාවගේ මුදල්වලින් පොහොර සහනාධාරය ගත්ත,ජනතාවගේ මුදල්වලින් වාරිමාර්ගය සපයා ගත්ත ගොවියටත් වගකීමක් තියෙනවා සමාජය වෙනුවෙන්. එහෙම සාකච්ජාවක් දැන් පැනනැගිලා තියෙනවා. ප්‍රශ්න එන්නේ උත්තරත් සඟවාගෙන.හැබැයි අපි හරියට පාදා අරගෙන ඕනේ,සාකච්ජා කරලා සියලු පාර්ශව එක්ක ප්‍රකාශයට පත්කරන්න ඕනේ. දැනට අපි එහෙම තීරණයක් අරගෙන නැහැ නමුත් සාකච්ජාවක් තියෙනවා. ඒ සාකච්ජාවේ තර්කයක් තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පවසයි.

කෙසේවෙතත් වගා හානියකදී වන්දි ගෙවීමට සිදුවන්නේ ද රජයට වන හෙයින් රජයට ලැබිය යුතු වී පංගුව සම්බන්ධයෙන් ගොවියාට ප්‍රශ්නයක් තිබිය යුතු නැති බවටද මේ සම්බන්ධයෙන් සමාජය තුළ මතුව තිබෙන සංවාදයේ ද අන්තර්ගතය වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...