මහින්ද නිල නිවසට මිලියන ගණනක් වියදම් කළේ රට බංකොලොත් වෙලාවේ – එස්.බීගෙන් අමුතු පන්දුවක්!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස මිලියන 700 ක් 800 ක් වියදම් කර සෑදුවේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ කාලයේදී බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා එම නිල නිවස ඔහුගේ දේශපාලන කටයුතුවලට අවශ්‍ය ලෙස ඔහු විසින් සකස් කරගත් බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

“මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස එතුමාගේ දේශපාලන කටයුතු වලට අවශ්‍ය විදිහට ඒක හදාගත්තා.හැබැයි ඒක හදාගත්ත වෙලාව නම් හොඳ වෙලාවක් නෙවෙයි. රට බංකොළොත් වෙලා යන එන මන් නැතුව තෙල්,බෙහෙත්,ගෑස් නැතුව ඉන්න කාලේ තමයි ඔය මිලියන හත් අටසීය වියදම් කරලා ගේ හැදුවේ. ඒවා එච්චර හොඳ වැඩ නෙවෙයි. හැබැයි ඔහුට ගෙයක් ඕනේ. මන් හිතන්නේ නැ, ඒ ගේ ඔහුගෙන් අයින් කරගන්නත් පුළුවන් වෙයි කියලා”

පසුගිය ආණ්ඩුවල මැති ඇමතිවරුන් හොරකම් සිදුකළද වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හොරකම් සිදු නොකරනු ඇති බවට බලාපොරොත්තු වන බවද එස්.බී දිසානායක මහතා සඳහන් කරයි.

හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...