අද දවසටම තුනයි. පස්වෙනි සභාපතිත් ඉල්ලා අස්වෙයි !!

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ මහතාත් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා එම තනතුරේ වැඩ භාරගත්තේ 2024 ඔක්තෝබර් 04 වනදා ය.

මෙය අද (ජනවාරි 31) දිනයේදී වාර්තා වූ තුන්වැනි රාජ්‍ය ආයතන සභාපතිවරයකු ඉල්ලා අස්වීමේ සිදුවීමයි.

අද දිනයේදී මීට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග මහතා සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි මහතා ද සිය තනතුරු වලින් ඉල්ලා අස්වී තිබිණි.

පසුගිය දෙසැම්බර් 24 වනදා රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ඉල්ලා අස්වූ අතර ජනවාරි 29 වනදා ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ද ඉල්ලා අස්වූයේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...