වසරේ මුල් මාසයේ කොටස් වෙළෙඳපොළේ සිදු වූ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 31, කොළඹ (LNW):

2025 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 7.39%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ. වසර ආරම්භයේ දී ඒකක 15,944.61ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය අද (31) සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මෙය මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙසින්ද වාර්තා අතරට එක්විය. අද දිනයේ දී රු. බිලියන 5.15ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා ව ඇත. එහි දේශීය මිලදී ගැනීම් රු. බිලියන 5.04ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.63ක් ලෙසින් සටහන්ව ඇත. ට්දේත්ශව්ද, මිලදී ගැනීම රු. මිලියන 118ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 524ක් ලෙස වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...