රාජ්‍ය සේවයේ දූෂිතයින් හොයාගන්න – ළමයි ඉන්න රටවල් බලන්න

මේ ආණ්ඩුව බලයට පත්වුණේම හොරු ඇල්ලීමේ පොරොන්දුවත් එක්ක. වෙනත් කිසිම දේශපාලන පක්ෂයකට වඩා හොඳට මේ අය හොරු අල්ලාවි කියන විශ්වාසය ජනතාව තුළ තිබුණා, අදටත් තියෙනවා.

පහුගිය දිනවල දේශපාලනඥයින් කිහිපදෙනෙකු වගේම රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුත් අත් අඩංගුවට ගැනුණා. ඒ නිලධාරීන් අත් අඩංගුවට ගැනුණේ මූලිකව හිටපු ඇමතිවරුන්ගේ දූෂිත ගනුදෙනුවලට ආධාර අනුබල දීමේ චෝදනා මත.

රට බංකොලොත් වීමට වගකිව යුතු පාර්ශ්ව දෙකයි, එයින් එක කොටසක් දේශපාලනඥයින්, අනිත් කොටස රජයේ නිලධාරීන් කියලා කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මහතාත් පහුගිය දවසක කියලා තිබුණා. දේශපාලනඥයින්ට නීතිය ක්‍රියාත්මක වීම කෙසේවෙතත් විටින් විට චෝදනාවක් හරි එල්ල වුණත් චෝදනාවක්වත් ගෑවෙන්නෙ නැතිවෙන්න ලස්සනට වැඩේ දීලා පාඩුවේ විශ්‍රාම යන රාජ්‍ය නිලධාරීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ව අල්ලන්න ලේසි නෑ.

මොකද මේ නිලධාරීන් කාගෙන් හෝ අල්ලස් ගත්තාය කියලා කටකතා පැතිරුණත් ඒ සල්ලිවලට වුණේ මොකක්ද කියලා හොයාගන්න බෑ. විශාල පරිමාණයේ දේපළ අරගෙනත් නෑ, බැංකුවලත් ලොකුවට සල්ලි නෑ. ඔන්න ඔය ජාතියේ කට්ටියගේ ළමයි ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් දැනගන්න ලැබේවි එයාලා යුරෝපා රටවල, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ වගේ රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා කියලා. ඒ සමහර අවස්ථාවල රුපියල් ලක්ෂ දෙසීයක් – තුන් සීයක් විතර ඔවුන් ඒ අධ්‍යාපන ආයතනවලට සහ අනෙකුත් වියදම් වෙනුවෙන් වැය කරලා තියෙන බවත් හොයාගන්න පුළුවන් වේවි.

මාසෙකට රුපියල් ලක්ෂ දෙක තුනක වැටුපක් ගන්න රජයේ ඉහළ නිලධාරියෙකුට ඒකෙන් ගේකුත් හදලා, වාහනයකුත් අරන්, එදිනෙදා වියදම් ටිකත් කරලා, ළමයෙක්ව පිටරට ඉගෙන ගන්න යවන්න රුපියල් ලක්ෂ දෙතුන් සීයක් ඉතුරු වෙන්නත් විදියක් නෑ කියන එක ඉතාම සරල ඇත්තක්නෙ. හැබැයි ඔය රජයට ආදායම් හොයන ආයතනවල, මහා පරිමාණ මිලදී ගැනීම් කෙරෙන ආයතනවල, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගේ තැන්වල ඉහළ මට්ටමේ අය ගැන හෙව්වොත් මේ කියන ජාතියේ අය අතළොස්සකට වඩා ඉන්නවා.

ඊළඟට ඒ ළමයි ඒ රටවල්වලම පදිංචි වෙනවා. ඔය නිලධාරීනුත් විශාම ගිහින් ඒ රටවල්වලටම යනවා. අර කොමිස් මුදලුත් කොහෙන් හරි කැරකිලා ඒ රටවල්වලටම ඇවිත් තියෙනවා. ලංකාවේ ඉතින් මොනවා විමර්ශනය කළත් ඔප්පු කරන්න සාක්ෂියක් හම්බවෙන්නෙ නෑ.

සමහර දේශපාලනඥයින් ගැනත් මේ කතාව මේ විදියටම අදාළයි. හොයන්න පටන් ගන්නවා නම් ඕකත් එක තැනක් ….

~ රජිත විරාජ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...