අපි මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට දානවා, ඒකෙන් දෙන ගාණක් ගන්නවා. මේක ලොවෙත් නැති ක්‍රමයක් – මාලිමා සුරවීර

Date:

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් තම වැටුප් පක්ෂයේ අරමුදලට යොමුකරන බවත් ඉන් අනතුරුව තම වියදම් පියවා ගැනීම සඳහා පක්ෂ අරමුදලෙන් දෙන ප්‍රතිපාදනයක් ලබාගන්නා බවත් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලාට පාර්ලිමේන්තුවෙන් වැටුපක් ලැබෙනවා. ඔබතුමන්ලා ඒක ගන්නවාද ?

“පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප අපි ගන්නවා, පුද්ගලිකව නෙවෙයි. මේක තමයි මේකෙ තියෙන විශේෂත්වය. අපේ මන්ත්‍රීවරු – ජනාධිපතිතුමාත් ඇතුළුව – 160ම මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට යන්නෙ. ලංකාවෙ නෙවෙයි ලෝකෙත් දේශපාලන පක්ෂවලට කරන්න බැරි වැඩක්. තනි තීන්දුවක්. ඒක තමයි විනය කියන්නෙ අපෙ රටේ. අපට තියෙනවා සංස්කෘතියක් අපි අපිව බලාගන්න. මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඇත්තටම ගත්තොත් තෙල් ටික ගහගන්න එක, ෆෝන් බිල. මට කන්න දෙන්න ජනතාව ඉන්නවා. එතකොට ඒ ප්‍රශ්නය මට විසඳාගන්න පක්ෂය පැත්තෙන් උදව්වක් කරනවා නම් ඒක අපි බාරගන්නවා”

ප්‍රශ්නය – එතකොට දැන් මහජන මුදල් ඔබතුමා ගත්තත් ඔබතුමාගෙ පක්ෂය ගත්තත් පක්ෂය හරහා ඔබතුමාට ලැබුණත් ඒ ඔක්කොම වෙන්නෙ එකම දේ නෙ ?

“නෑ ඒක වෙනස් නේද ? ඔය ප්‍රශ්නෙම වැරදි නේද ? දැන් පුද්ගලිකව පාවිච්චි කරන එකයි පොදුවේ ඇරන් පොදු සංස්කෘතියක් ගොඩනඟාගෙන රටේ ජනතාවට කරන එකයි දෙකක් නේද ? මං කියන්නෙ ඒක සමපාත කිරීමම වැරදියි”

දේවානන්ද සුරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 31) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...