බහාලුම් ප්‍රශ්නයට විසඳුමක් දෙන්න මේ ආණ්ඩුවට ඒ විෂයය ගැන දැනුමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බහලුම් නිෂ්කාශනය අඩපණ වීම නිසා තදබදයක් ඇතිවී වැරදි කටයුත්තක් සිදු වුණ බවත් එහි දී ආනයනික බහලුම් අතරින් 80%ක් වූ රතු ලේබල් වැදුණු බහලුම් පවා රාජ්‍ය උපදෙස් පරිදි ඉවක් බවක් නැතිව නිදහස් කර ඇති බවත් රේගුවේම වෘත්තිය සමිති මේවා ගැන ප්‍රශ්න කරමින් මේ බහලුම්වල තිබුණ දේවල් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අවස්ථාවේ රජය මේ බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව පවසන බවත් රජයට මේවා ඇතුළේ නීත්‍යානුකුල දේවල් නැහැයි කියා කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ බහලුම්වල ආයුධ, රත්රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් නැ කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.

මේ ක්‍රියාවලියෙන් රටට හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම කිසිම පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් මේවා ස්කෑන් කර හෝ නැති රජය වගකීම බාර ගන්නේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවමත් බහලුම් ප්‍රවාහනයේ ගැටලුවලට විසදුම් නොමැති බවත් රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවත් මේ විෂයය ගැන රජයට දැනුමක් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේවාට රජයෙන් උත්තර අවශ්‍ය බවත් මේවා මඩ නොවන බවත්ය.

මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට රජයෙන් පිළිතුරු අවශ්‍ය බවත් මේවා නිදහස් කරන්න නියෝග දුන්න අය ගැන අනාවරණයක් කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...