හයවැනි සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි ?

Date:

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය S. R. D. රෝසා මහතාත් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයකු වන අතර වසර කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අයෙකි. මහාචාර්ය S. R. D. රෝසා මහතා භෞතික විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රැසක් ද රචනා කළ කතුවරයෙකි.

ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ, නව රජයේ රාජ්‍ය ආයතන සභාපතිවරුන් පස් දෙනෙකු මීට පෙර ඉල්ලා අස්වී තිබිණි.

ඒ, රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා, ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ මහතා වශයෙනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...