පාස්කු ප්‍රහාරය : අසාද් මවුලානා ලංකාවට. සලේ සහ ගෝඨා හිරවෙන ලකුණු ?

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක වැඩසටහනට තොරතුරු ලබාදුන් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට යළි පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අසාද් මවුලානා හිටපු ඇමතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ අයෙකි. දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ මත සිටින ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද රජය මේ වනවිට ඉවත් කරගෙන ඇති අතර නුදුරේදීම ඔහු මෙරටට පැමිණෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව අදාළ චැනල් 4 වැඩසටහනේදී කියැවුණු කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් කරගෙන යමින් පවතී. අසාද් මවුලානා මෙරටට පැමිණීමෙන් අනතුරුව එම විමර්ශනයට අදාළව සාක්ෂි දීමට නියමිත බව සඳහන්.

එම සාක්ෂි මත පදනම්ව එම විමර්ශනය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ දෙසටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙසටත් හැරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...