අද 2022 අප්‍රේල් 28. තරාකි ඝාතනය කර අදට අවුරුදු 17යි !

Date:

1959 අගෝස්තු 11 මඩකළපුවේ දී උපන් ධර්මරත්නම් සිවරාම් එයින් හතළිස් පස් වසරකට පසු 2005 වසරේ අප්‍රේල 28 රාත්‍රියේ කොළඹ දී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය ලදි. ඝාතකයෝ, ප්‍රාණය නිරුද්ධ ඔහුගේ සිරුර පාර්ලිමේන්තුවට නුදුරේ කිඹුලා ඇල අසල දමා ගොස් තිබිණ.

ඔහුගේ මරණය, අප සියල්ලන් විචාරශීලීත්වයෙන් පිරිහෙළා, ප්‍රඥාවෙන් දිළින්දන් කොට දැමීය.

ඇත්ත නම්, සංග්‍රාම හා දේශපාලන විද්‍යාව, උපාය මාර්ගික අධ්‍යයන හා භූ දේශපාලනය පිළිබඳව මෙන්ම බටහිර දර්ශනවාදය, සමාජ විද්‍යාවන් හා සාහිත්‍ය පිළිබඳවත්, ඉතිහාසය හා දෙමළ භාෂාව විෂයෙහිත් සිවරාම් හා සම කළ හැකි ප‍්‍රමාණික බුද්ධිමතුන් මෑතකාලීන ලංකාවේ විරල බව ය.

මෙහි පළවන්නේ සිවරාම් සමරුවකදී ජයතිලක බණ්ඩාර විසින් සංගීතවත් කර ගයනු ලැබූ ගීතයයි.

තරාකී ගීතයේ පද : –

නින්ද නොයනා අන්ධකාරේ රළ නඟයි
අන්ධකාරේ බිඳී තරුවක් නුබ නැඟෙයි
සිංදු කියනා මාලුවෝ
සිංදු කියනා මාලුවෝ නුඹෙ නම කියයි
තරාකී…තරාකී…
තරාකී නුඹෙ සරාගී කටහඬ වගෙයි

මිහිරි නෑ
මිහිරි නෑ
මිහිරි නෑ ඔව් නෑ තමයි
කර්ණ කටුකයි
කර්ණ කටුකයි
ඒත් ඒ ගී ඇත්තමයි

මන්ද මාරුතයේ එතී එන රුධිරයේ
සිංදු කියනා කටහඬක මතකය තියේ
චණ්ඩ මාරුත හමා ආ රුදු රාත්‍රියේ
මන්ද සකිසඳ නින්ද පතුළට නුඹ ගියේ

සිංදු කියනා මාලුවෝ
සිංදු කියනා මාලුවෝ නුඹෙ නම කියයි
තරාකී…තරාකී….
තරාකී නුඹෙ සරාගී කටහඬ වගෙයි
සිංදු කියනා මාලුවෝ
සිංදු කියනා මාලුවෝ නුඹෙ නම කියයි
තරාකී…තරාකී….
තරාකී නුඹෙ සරාගී කටහඬ වගෙයි

  • සටහන – සංජුලා ඕෂනී පීටර්ස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...