කරුණාකරලා ගේ දෙන්න. ඉන්නම තැනක් නැත්නම් දෙන්නට හරියන්න ගෙයක් දෙන්නම් – ජනපති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට භාවිතා කරන විශාල නිලනිවස ඒ මහතාට භාවිතා කිරීමට දිය නොහැකි බවත් අවශ්‍ය නම් ඒ මහතාට වෙනත් සුදුසු නිවසක් ලබාදිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දේශපාලනඥයාගේ හොරකම්, නාස්තිය නවත්වන්න කිව්වා, අපි එය කළා. කොච්චර නාස්තියක් නතර කළාද ? මගේ වැය ශිර්ෂය 50%කින් කපලා තියෙන්නේ. මම සහතිකයක් දෙන්නම් ඒකත් ඉතුරු කරනවා මේ අවුරුද්දේ. අපි නාස්ති කරන්නේ නැහැ. අපි කිව්වා හිටපු ජනාධිපතිවරුන්ට කැපකිරීම් කරන්න කියලා. අපි කිව්වා ඔයා ඉන්න ගේ ලොකු වැඩියි, ඒක වර්ග අඩි 30,500යි. පිට්ටනියක් වගේ ගෙවල්, ඉන්නේ දෙන්නයි පාළු නැද්ද ? පසුගිය කාලේ ප්‍රතිසංස්කරණ වියදම්වලට රුපියල් කෝටි 47ක්. අපි කිව්වා ඕක බර වැඩියි, ලොකු වැඩියි කිව්වා. එතකොට කියනවා මාව එළියට දාන්න හදනවා, මගෙන් පළිගන්න හදනවා කියලා. පළිගැනීමක් නෙමයි මහජන මුදල් නාස්ති කරන්න එපා. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා ගේ දෙන්න. ඉන්නම තැනක් නැත්නම් දෙන්නට හරියන්න ගෙයක් දෙන්නම්. මුළු ජනාධිපති කාලෙම අවුරුදු 10ක් බැංකු ගිණුමට පඩිය ඇවිල්ලා පඩිය අරගෙන නෑ. ළඟ හිටපු පුද්ගලික ලේකම් පඩියට වැඩේ දීලා. එයාගේ විතරක් නෙමයි පුතාත් බැංකු ගිණුමට ආපු පඩිය අරන් නැහැ. පඩිය අමතක වෙනවා. හිතන්නකෝ කොච්චර ධනයක් ඇතිද ? දැන් කියනවා ඉන්න ගෙයක් නැහැලු. නැත්නම් එකක් දෙන්නම්. හැබැයි ඕක නම් දෙන්නේ නැහැ”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 01) ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...