ජනතාවට බෙදාහැරීම සඳහා තිබූ විශාල ආහාර තොගයක් කල්ඉකුත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ (LNW):

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගත නොහැකි ලෙස කල්ඉකුත් වී ඇතැයි අනාවරණය වී තිබේ. ඒ මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා තිබූ ආහාර තොගයක් වේ.

ලෝක ආහාර වැඩසටහන යටතේ 2023 වසරේ මෙම ආහාර තොගය ආධාර ලෙස ලැබී තිබුණු බව පැවසේ. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයට වර්ග අඩි 28,000කින් සමන්විත ගබඩා 16ක් ඇතුළත් වන අතර, ඉන් ගබඩා 10ක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගැනේ. පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබාදී තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි  කිලෝග්‍රෑම් ලක්ෂ 15කට අධික තොගයක් එහි ගබඩා 3ක ගබඩා කර තිබී ඇත්තේ දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාදීම සඳහා බව වාර්තා වේ.

නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී තිබේ. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් වේයන්ගොඩ දිසා ධාන්‍යාරය වෙත පැමිණ තිබූ බව වාර්තා වේ.

මෙය කසක්ස්ථානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලින් ලැබී තිබූ ආහාර තොගයක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...