*
Monday, February 3, 2025
spot_img

Latest Posts

සමාජවාදය නිසා තවමත් අර්ථවත් කර ගැනීමට අපහසු වූ ජාතික නිදහස!

කොළඹ LNW: හැත්තෑ හත්වෙනි ජතික නිදහස් සැමරුම පසුගිය සැමරුම්වලට වඩා අතිශයින්ම විශේෂ වන්නේ, 1948 වසරේදී ලැබුවා වූ එකී නිදහස ව්‍යාජ නිදහසක් ලෙස, එනම් එය වූකලී තමන්ට ගැති ස්වදේශීය ධනවාදී නඩයකට බලය පවරා දෙමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ස්වකීය ආධිපත්‍යය තවදුරටත් රඳවා තබා ගත් ප්‍රයෝගයක් පමණක් බව පුන පුනා පැවසූ පක්ෂයක ආණ්ඩුවක් විසින් සැමරීමට සිදුවීම අනුව ය. ඉදින් ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන අදහස කුමක් වනු ඇතිද? යටත් පිරිසෙයින් ඔවුන් ඒ ගැන ඔවුන්ගේ සැබෑ අදහස රාජ්‍යතාන්ත්‍රිකව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනීවිද?

1948දී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ බ්‍රිතාන්‍යය කිරීටයට යටත් රාජ්‍යයක් වශයෙන් බව ඇත්තකි. එහෙත් හුදෙක් එය අපගේ කැමැත්ත ද සහිත නාමික යටත් වීමක් බව 1972දී සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මගින් එකී බැඳීම ඉතා පහසුවෙන් කඩා දැමීම මගින් ඔප්පු වේ. කෙසේ නමුත් ගෝලීය ප්‍රාග්ධනය නම් වූ ආර්ථික අවකාශය තුළ ලංකාව සිටින දුර්වල ස්ථානය සහ එහිලා ලංකාව උසුලන බලවත් ණය ගැතිකම අනුව, වාමාංශිකයින්ට එය නූතන අධිරාජ්‍යවාදයේ නවතම ආකාර‍ය වූ මූල්‍ය අධිරාජ්‍යවාදයට ගොදුරු වීමක් වශයෙන් විග්‍රහ කිරීමට හැකිව තිබෙන අතර, අඛණ්ඩවම ඔවුන් පෙනී සිටියේ අධිරාජ්‍ය විරෝධී අරගලය තුළ ය. ඉදින්, ලෝක මූල්‍ය ආයතනවලට කෙලවරක් නැතිව ණය වීම ගැන සහ ඒ සඳහා ඒවා විසින් පැන වූ ප්‍රායෝගික කොන්දේසි වලට යටත් වීම ගැන මෙතෙක් පැවතුණු ආණ්ඩුවලට බැන වදිමින්, ආණ්ඩු බලය තමන්ට ලබා ගැනීමට ජ.වි.පෙ. මෙතෙක් කල් පොර බැදුවේ ගෝලීය අධිරාජ්‍යවාදයෙන් ලංකාව බේරා ගැනීමේ අවශ්‍යතාව ජාතියට අවධාරණය කරමින් ය.

ලංකාවට නිදහස ලබා ගැනීම පිළිබඳ කටයුත්ත තුළ අරගලකාමී ස්වරූපයක් තිබුණේ නම් එහිලා කැපී පෙනෙන්නේ වාමාංශික ව්‍යාපාරය (පැරණි වම) බව බොරුවක් නොවේ. ධනවාදයේ අධිරාජ්‍යවාදී අවදියේදී ලෝකයට සමාජවාදය කරා යාමට හැකි වන්නේ අධිරාජ්‍ය විරෝධී අරගලය මගින් බව වාමාංශිකයින් පොදුවේ පිළිගෙන තිබූ බැවිනි. ඉතිං ඒ නිසාම අධිරාජ්‍යවාදීන් කැමති වූයේ තමන්ට එරෙහිව දියත් වූ ඒ අරගලය ජයගැනීමෙන් අත්වන වාසිය වාමාංශිකයින්ට අත්පත් කර ගැනීමට ඉඩ නොදී, තමන්ට ගැති ධනවාදී ස්වදේශිකයින් පිරිසකට බලය පවරා ලංකාව තවදුරටත් ස්වකීය ග්‍රහණයේ තබා ගැනීමට බවත්, 1948දී නිදහස ප්‍රදානය කරන්නේ ඒ සඳහාම නිර්මාණය කළ ස්වදේශික ආණ්ඩු ක්‍රමයක් තුළ බවත්, අවාසනාවකට ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පවා, අධිරාජ්‍ය විරෝධී අරගලයෙන් ඉවත් වී අධිරාජ්‍යවාදීන්ගේ ඒ දේශපාලන උගුලට හසු වූ බවත්, වමේ නවතම ව්‍යාපාරයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ බිහි වන්නේ පැරණි වම අත් හැර දැමූ එකී අරගලයට උර දීමට බවත් එම පක්ෂය විසින් ප්‍රකාශ කරනු ලැබී ය.

වෙනස් වීමේ ආරම්භයක් වශයෙන් හෝ (එහෙත් සමහර විට උපක්‍රමික අවශ්‍යතාවක් වශයෙන් පමණක් හෝ) ජවිපෙ දැන් එහි පැරණි අරමුණු ඉදිරිපත් නොකිරීම ගැන අප තුළ විරෝධයක් නැත්තේ, ජාතික ජන බලවේගය නමින් ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණය ලැබීමට හැකි වන බවට ලකුණු පහළ වූ අරගලයේ මූලාරම්භයේ සිටම අප යෝජනා කළේ එසේ වෙනස් වන ලෙස බැවින් ය. එතෙක් අප ජවිපෙට පක්ෂපාත නොවුණේ තීරණාත්මක වශයෙන් වෙනස් වන බවක් පෙනෙන්නට නොතිබුණු බැවින් වන අතර, අප අපේක්ෂා කළ පරිදි යථාර්ථවාදීව දැන් කටයුතු කරන්නේ, අන් කරන්නට දෙයක් නොමැතිකමින් බව දන්නා නිසාම, තවමත් හරි හමන් කැමැත්තක් ජා.ජ.බ. ආණ්ඩුව ගැන අප තුළ ඇති වී නැති බවත් නොකියා සිටිය යුතු නැත. කොටින්ම ජවිපෙට ආවේණික සමාජවාදී හෘදය සාක්ෂිය ගැන අප තුළ ඇත්තේ බලවත් විශ්වාසයකි. ඊට පිටු පෑමට තරම් නිර්භීත කමක් ජවිපෙට ලැබෙන්නේ තවත් ප්‍රමාද වෙමින් යැයි අපට හැඟෙන්නේ මෙතරම්වත් වෙනස් වීමට ජවිපෙ කා දැමූ කාලය ගැන සිතන විට ය.

“සමහරු කියනවා සමාජවාදයෙන් රටක් හදන්න බෑ කියලා. එහෙනම් අවුරුදු හැත්තෑ ගාණක් තිස්සේ ධනවාදයෙන් මේ රට හදලා පෙන්නන්න තිබුණනේ.”

අනුර කුමාර දිසානායක එම ප්‍රකාශය කළේ, ඔහු සමාජවාදයට විවෘතවම ඇලුම් කළ ඉතාම ඈත කාලයකදී නොව, ඔහු බලයට පැමිණීමට ඉතා ආසන්න කාලයකදී වීම අපගේ අවධානයට යොමු වූ විශේෂ කාරණාවක්.

බලය ලබා ගැනීමට හැකි තත්ත්වයක ජවිපෙ ඒ වන විට සිටිය නමුත් ඒ පිළිබඳ ආශ්වාදයෙන් පසු වූ ජවිපෙට සම්බන්ධ වී සිටි මගේ මිතුරන්ට මා පුන-පුනා පැවසුවේ ආර්ථික අර්බුදය නිසා ඇති වෙච්ච පීඩනය නිසා බලය ලබා ගැනීම දැන් ජවිපෙට පහසු වී ඇති නමුත් බලය දරා ගැනීමට ජවිපෙට හැකි වන්නේ සමාජවාදය හැර දැමීමෙන් පමණක් බව නිසා, එකී මිතුරන් මගෙන් අසා සිටියේ අනුර කුමාරගේ ඒ ප්‍රකාශය ගැන මගේ අදහස කුමක්ද යන්න ය. පහත සඳහන් වන්නේ ඔවුන්ගේ ඒ ප්‍රශ්නයට මවිසින් ලබා දුන් පිළිතුර ය.

“අපි අනුරගෙන් මෙහෙම අහනවා… ධනවාදයෙන් රට හදන්න පරණ වමේ එයාලගෙන් සහ අලුත් වමේ ඔයාලගෙන් හරිහමන් ඉඩක් ලැබුණද? ප්‍රතිසංස්කරණවාදී එයාලා (පරණ වම) ජාතික ආර්ථිකයෙන් විශාල කොටසක් සමාජවාදයට ඇදලා දැම්මා. විප්ලවවාදී ඔයාලා (අලුත් වම) එතෙක් මෙතෙක් ඒ කොටස රැක ගන්න විශාල වශයෙන් අරගල කළා. ඉතිං කොහොමද ධනවාදයෙන් රට හදන්න බැරි වුණා කියලා, අනුර සහෝදරයා, ඔයා කියන්නේ?

අවධාරණයට ගන්න, ලාංකීය ආර්ථිකයේ තීරණාත්මක අංශ තවමත් පවතින්නේ රජයේ ව්‍යාපාර වශයෙන් ය. සමාජවාදී ආර්ථිකයක් යනු එවැනි ක්‍රමයක් නම් ඉදින් ඒ අනුව ලංකාව යනුද විශාල ප්‍රමාණයකින් සමාජවාදී රාජ්‍යයකි. 1972 සිට ශ්‍රී ලංකාව සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජය යනුවෙන් සහ 1977න් පස්සේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙනුත් නම් කළේ එකී අර්ථයෙන්ම නමුත් විප්ලවයකින් විනා ප්‍රතිසංස්කරණ මගින් සැබෑ සමාජවාදයක් ගොඩ නැගිය නොහැකි යැයි තර්ක කරමින් ජවිපෙ විසින් එකී නාමකරණයන් හාස්‍යයට ලක් කළේ නොනවත්වාම පෞද්ගලීකරණයට සහ විදේශීය ආයෝජනයන්ට විරුද්ධ වෙමින් බව අප විසින් අමතක නොකරන අතරම, ශ්‍රී ලංකාව මේ සා විශාල අර්බුදයකට මුහුණ පෑවේ එකී සමාජවාදයේ බලපෑමෙන් බව (අනිවාර්යයෙන්ම ඒ නිසාම බව) අවධාරණය කිරීමට ද අප පසුබට නොවනු ඇත.

ගැමුණු කුසුම් දිසානායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan