මහජන ආරක්ෂක ඇමතිගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරමින් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසිනි.

ඔහු සිය පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් 2024 නොවැම්බර් 18 වනදා පත් කරන ලද බවත් 2024 දෙසැම්බර් 10 වනදා නිකුත් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර තිබෙන බව වාර්තා කර තිබුණු බවත් ය.

පසුව තමන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර ආනන්ද විජේපාල ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් ද පත්කර ඇතැයි තහවුරු කරගත් බවත් සඳහන් කර ඇති පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් බැවින් එවන් තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබේ.

එමෙන්ම මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම්කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...