*
Friday, February 7, 2025
spot_img

Latest Posts

පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් ගෙන්නුවේ කවුද, තිබුණේ මොනවාද කියා හෙළි කළ යුතුයි – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

දිගින් දිගටම බහලුම් නිෂ්කාශන කටයුතු ගැන දැඩි ප්‍රමාදයක් තිබූ වකවානුවක රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ යැයි කියන බහලුම් 323ක් සම්බන්ධයෙන් රට තුළ කථිකාවතක් ඇතිව තිබෙන නිසා මේ සම්බන්ධයෙන් රටට කරුණු පැහැදිලි කිරීමට විෂය බාර අමාත්‍යවරයා වන වත්මන් ජනාධිපතිවරයා විසින් කටයුතු කර නොමැති බවත් කොළඹ වරයේ බහලුම් නිෂ්කාශනය සදහා වන ප්‍රමාදය අපනයනය, ප්‍රතිඅපනයනය මගින් ඉහළ ආදායම් ලබන අප වැනි රටකට සුබදායී නොවන බවත් මෙය ක්ෂේත්‍ර රැසකට වක්‍රාකාරයෙන් බලපෑම් වන නිසා මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (පෙබරවාරි 06) පාර්ලිමේන්තුවේ දී රේගු බහලුම් ගැටලුව ගැන ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

කොළඹ වරාය තුළ දිනකට ලැබෙන බහලුම් ගණන, දැනට බහලුම් පරීක්ෂාව සදහා ඇති අංග මගින් දිනකට නිෂ්කාශනය කරන බහලුම් ප්‍රමාණය, එය කාර්යක්ෂම පවත්වාගෙන යා හැකිද? මෙරට බහලුම් නිෂ්කාශනය වේගවත් කිරිමට සිදු කරන වෙනස්කම් කවරේද කියා විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

එසේම පසුගිය මාසයේ කොළඹ වරායේ බහලුම් නිෂ්කාශනය සිදුවූ දැඩි ප්‍රමාදය නිසා හැරී ගිය නෞකා සංඛ්‍යාවත් රජයට සිදුවූ පාඩුවත් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා මේ නිසා රටට බලපෑ අහිතකර තත්ත්ව සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ යැයි කියන බහලුම් 323 තුළ අවදානම් කළමනාකරණ අංශ විසින් අනිවාර්ය පරීක්ෂාවකට ලක් කළ යුතු රතු ලේබල් ඇලවූ බහලුම් කොපමණ තිබුණේ ද සහ මේ බහලුම් නිදහස් කළ හේතු ද විපක්ෂ නායකවරයා මෙහි දී විමසා සිටියේය.

තවද මෙම බහලුම් තුළ තිබූ ද්‍රව්‍ය මෙන්ම ඒ ද්‍රව්‍ය සභාගත කරන ලෙසත් මේවායේ නීතිවිරොධී හෝ මිනිස් පාරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අඩංගු නොවන බවට පුද්ගල පරීක්ෂාවකින් තොරව තීරණය කළේ කවුද සහ ඒවා ආනයනය කළේ කවුද කියා අනාවරණය කළ යුතු බවත් මේ සම්බන්ධයේ පූර්ණ වගකීම ගන්නේ කවුද කියා මෙන්ම මේවා අයථා ගනුදෙනු නොවන බවට සහතිකය කුමක් ද කියා ද විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan