ජනාධිපති ට්‍රම්ප් තවත් විධායක තීන්දුවකට අතගසයි!

Date:

කොළඹ LNW: දකුණු අප්‍රිකාවට ලබාදෙන මුල්‍යාධාර කපාහැරීමේ විධායක තීන්දුවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

ඉඩම් ප්‍රතිපත්තිය සහ දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් පවරා තිබීම ඊට ආසන්නතම හේතු ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

දකුණු අප්‍රිකාවේ ඉඩම් ප්‍රතිපත්තියට ඇමරිකාව එකඟ නොමැති අතර ඉන් එරට කළු ජාතිකයින්ට අසාධාරණයක් මෙන්ම ඔවුන් වෙනස් කොට සැලකීමක් ඉන් සිදුවන බව ඇමරිකාව පෙන්වා දෙයි.

එරට ඉඩම් ප්‍රතිපත්තිය යනු වන්දි ගෙවීමකින් තොරව රජයට ඉඩම් පවරා ගැනීමට ඉඩ සලසන නීතියක් බව ඇමරිකානු රජය පවසයි.

වර්ණභේදවාදය පැවති සමයේ දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයින් විසින් එරට කළු ජාතිකයින්ගේ ඉඩම්වලින් ඔවුන් බලහත්කාරයෙන් ඉවත් කෙරුණු අතර නව ඉඩම් නීතිය මඟින් එලෙස පැහැර ගත් ඉඩම්වලට වන්දි ගෙවීමකින් තොරව රජයට පවරා ගැනීමට හැකියාව ලබා දී ඇත.

එම ක්‍රමය විවේචනය කරන ඇමරිකානු රජය පවසන්නේ එම අසාධාරණ ක්‍රමවේදය නිසා ඔවුන්ට ලබාදෙන මූල්‍යාධාර නවතා දමන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...