සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 08,(LNW)කොළඹ :
රුසියාවට සිව්වන ලෝක අයිස් හොකී සූරතාවලියත් මඟ හැරී යන ලකුණු පහළ වී ඇත.2022 සිට තරගාවලි තුනකටම ජාත්‍යන්තර හොකී සංගමයේ තහනම නිසා සහභාගි වීමට නොහැකි වූ රුසියාවට 2026 වසරේදී ස්විට්ස්ර්ලන්තයේ පැවත්වෙන ලෝක හොකී සූරතාවලියද නියෝජනය කිරීමට අවස්ථාව නොලැබෙන ලකුණු පහළ වෙමින් ඇත.
මේ වන විටත් 2026 වසරේදි පැවත්වෙන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමට රුසියාවට මෙන්ම බෙලරුසියාවටද වාරණ පැනවී තිබෙයි.ලොව ප්‍රබලතම අයිසි හොකී කණ්ඩායමක් වන රුසියාව,යුක්රේනය සමඟ යුද්ධයක පැටලෙන්නට පෙර අවසාන වරට 2022 දී පැවති ශීත සෘතු ඔලිම්පික් තරගාවලියට සහභාගි වී එහි රිදී පදක්කම දිනා ගෙන ඇත.
ඉන් අනතුරුව ව්ලැඩිමීර් පුටින්ගේ දේශපාලන හිතුවක්කාරකම සහ බලලෝභි දේශපාලන ක්‍රියාවලිය සමඟ ගමන් කරන රුසියාවට යුද්ධය නිසා මෙන්ම තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණවලට හෝ සහය නොදෙන පුටින් මුල් කරගත් රුසියානු උද්ධච්ඡකම නිසා ද,එරට විශිෂ්ඨ ක්‍රීඩා පෞරුෂයන්ට ලෝකය ජය ගැනීමේ අවස්ථාව අහිමිව ඇත.
කෙසේ නමුත් ජාත්‍යන්තර අයිස් හොකී සභාපතිවරයා යුක්රේනය සමඟ පැවත්වෙන යුදමය ප්‍රහාර පිළිබඳව ගැන අවධානයෙන් සිට මේ වසරේ මැයි මාසයේ රුසියාව මෙන්ම බෙලරුසියාව සම්බන්ධයෙන් ද ගෙන තිබෙන තීරණ නැවත සළකා බැලීමට කටයුතු කරන බව දන්වා ඇත.සමහර විට ජාත්‍යන්තර ඔලිම්පික් මුල් පුටුවට පත් වන කෙනා සහ ඔහු යටතේ ක්‍රියාත්මක වන නව නිල මඬුල්ල කවරේද යන්නත් රුසියාවේ සහ බෙලරුසියාවේ ශිත සෘතු ඔලිම්පික් බලාපොරොත්තු සපල කිරීමට හෝ තව දුරටත් නිශ්පල කර දැමීම කෙරෙහි බලපෑමක් ඇති කරන්නට ඉඩ ඇත.
ඡායාරූපයේ දැක්වෙන් පුටින්,රුසියානු අයිස් හොකී කණ්ඩායමත් සමඟ ඡායාරූපයකට පෙනී සිටිය අවස්ථාවකි.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1-2.webp)