ඇමෙරිකාවේ හිරුනිගේ වාර්තාව පදියතලාවේ රසාරා ට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 09,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා මීටර් 10000 ඉසව්වේ වාර්තාව තම නමට ලියා ගන්නට රසාරා විජේසූරිය සමත් විය.ඇමෙරිකාවේ වෙසෙන,ශ්‍රී ලාංකේය පුරවැසිකම හිමි,ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනා, හිරුනි විජේරත්න 2017 දී පිහිටුවා තිබූ විනාඩි 33:55.04 ක් වූ කාන්තා මීටර් 10000 වාර්තාව ඒ අනුව රසාරා නමට ලියවා ගන්න සමත් වූවාය.රසාරාගේ නව වාර්තාව තත්පර 15 ට වැඩි කාලයකින් හිරුනිගේ වාර්තාව ඉක්මවා යන අතර එය සටහන් වූයේ විනාඩි 33:39.60 ක් ලෙසය.
රසාරා මෙම නව වාර්තාවට හිමිකම් කීමේ මේ මොහොතේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී ය.තරගාවලියේ දෙවන දිනය වූ පෙබරවාරි 9 වන දා රසාරා මෙම වාර්තාව පිහිටුවීමට පෙර,පෙබරවාරි 8 වන දා පළමු දිනයේ දී ද රසාරා මීටර් 5000 ඉසව්ව ජය ගැනීමට සමත් වූවාය.


මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන රසාරා, කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවියකද වන්නීය.අම්පාර පදියතලාව ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාවට අත්පොත් තැබූ රසාර මේ වන විට සජිත් ජයලාල් යටතේ පුහුණුව ලබන්නිය.ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත හිරුනි,දීර්ඝ කාලයක් සුජීවා නිල්මිණි ජයසේන සතුව තිබුණු මෙම ඉසව්වේ වාර්තාව 2017 බිඳ දමමින් මේ ඉසව්වේ වාර්තාව ඉහළ තත්ත්වයකට ගෙන ආ නිසා,රසාරාට මෙවැනි කාලයක් හඹා යන්නට අවස්ථාව ලැබුණු අතර මේ ජයග්‍රහණයත් සමඟ මීටර් 10000 වාර්තාව සහ ජයග්‍රහණ හමා යන ක්‍රීඩිකාවන්ට රසාරා විසින් ඇති කරන ලද ඉලක්කය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ ප්‍රගතියට වැදගත් එකක් වනු ඇත.


තවමත් 22 හැවිරිදි වියේ පසුවන රසාරා ඉදිරියේදී ඇයට ඉතිරිව ඇති තරග කාලය අනුව මෙම වාර්තාව තව දුරටත් ඉදිරියට රැඟෙක යාමට හපන්කම් දක්වනු සැක නැත.ඒ නිසා රසාරා ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව රස ගන්වන පළමු මොහොත මෙය නොවනු ඇත.ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇය යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියක ජය සංඛේත ප්‍රදානයකට එක් වූ අවස්ථාවකි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...