ඊලෝන් මස්ක් කෑගහන්නේ කට හෝදලා ද? ඩෝජ් කෙරුවාවේ නොකී කතාව මෙන්න!

Date:

සටහන – පුලී
පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊලොන් මස්ක් ෆෙඩරල් ආන්ඩුව අත්පත් කර ගැනීමට සැබෑ හේතුව දැන ගැනීමට ඔබට අවශ්‍යද යනුවෙන් පැනයක් නැඟුනොත් ඊට පිළිතුරු ලෙස මෙසේ ප්‍රකාශ කළ හැකිය.
එහි මූලිකත්වය මුදල් සහ බලය යන කොටස් දෙක ඔස්සේ ගලා යන්නේ ඔහුගේ ආත්මාර්ථකාමී පටු අදහස් වලට බිලියන ගණනක් පරදුවට තබමිනි.

මස්ක් ඔහුගේ මුළු ධනයම පාහේ ඇමරිකානු බදු ගෙවන්නන්ට ණයගැතිය.
ඔහුගේ ප්‍රාථමික සමාගම් දෙක වන Tesla සහ SpaceX ආරම්භ කර බංකොලොත්ව නොපැවතුනේ රජයේ කොන්ත්‍රාත්තු, ප්‍රතිපත්ති සහ ණය වලින් කවර් වූ ආධාර මතය.


අද, මස්ක්ගේ සමාගම් වලට ඩොලර් බිලියන 15 කට අධික ෆෙඩරල් කොන්ත්‍රාත්තු ඇති අතර මෙම සමාගම් හරහා මස්ක් සෑම රාජ්‍ය ආයතනයක් සමඟම පාහේ අන්තර් ක්‍රියා සිදු කරනු ඇත.

මේ ඇතිකරගෙන ඇති නානාප්‍රකාර කොන්ත්‍රාත්තු සියල්ලම එතරම් ඇඟට ගුණ ඒවා නම් නොවේ.

උදාහරණයක් ලෙස, මස්ක් රිංගා ඇති සහ විසුරුවා හැර ඇති ආයතනවලින් එකක් වන USAID, ලොව පුරා උපාය මාර්ගික ආධාර අධීක්ෂණය කරන ආයතනයයි.
පසුගිය වසරේ, USAID හි පරීක්ෂක ජනරාල්වරයා, මස්ක්ගේ සමාගම වන ස්ටාර්ලින්ක් සමඟ ඒජන්සියේ ඇති සම්බන්ධය පිළිබඳ පවා පරීක්ෂණ සිදු කළේය.
මේ සම්බන්ධයෙන් මස්ක් පැවසූයේ;
“We spent the weekend feeding USAID into the wood chipper” යනුවෙනි.

ඉන්පසුව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය, ඔවුන්ගේ දියත් කරන ස්ථානවල ආරක්ෂක රෙගුලාසි නොසලකා හැරීම සම්බන්ධයෙන් SpaceX වෙත දඩ නියම කර ඇත.

මාස හතරකට පසුව, SpaceX රොකට්ටුවක් දියත් කිරීමෙන් අනතුරුව, පිටත් වී මිනිත්තු කිහිපයකට පසු පුපුරා ගිය ආකාරය ඕනෑම අයෙක් දන්නා කරුණකි.
මස්ක් එතැන් සිට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන පරිපාලකයාට ඔහුගේ රැකියාවෙන් ඉවත් වීමට බල කර ඇති අතර දැන් ඒජන්සියේ ජාතික ගුවන් සේවා පද්ධතියම හාරා අවුස්සා තිබේ.

මෙවැනි දෑ ඇමරිකාවේ සම-ජනාධිපතිවරයා ලෙස ඔහුගේ නව භූමිකාව තුළ ප්‍රශ්න දුසිම් ගණනකින් කිහිපයක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...