නීතිපතිට ඉවත් වෙන්නැයි දැනුම් දීලා ? මීළඟට එන්නේ කවුද ?

Date:

නීතිපති තනතුරෙන් ඉවත් වන ලෙස පාරින්ද රණසිංහ මහතාට රජයෙන් දැනුම් දීමක් සිදුකර ඇති බව තතුදත් ආරංචිමාර්ග පවසයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමෙන් පසු උද්ගතව ඇති තත්වය තුළ මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.

මීළඟ නීතිපතිවරයා වශයෙන් පත්කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපති නීතීඥ රොහන්ත අබේසූරිය මහතාව බවත් රජයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ඔහු හිටපු කීර්තිමත් නීතීඥවරයකු වූ ජනාධිපති නීතීඥ රංජිත් අබේසූරිය මහතාගේ පුත්‍රයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...