වෙඩි තැබීමක් පිළිබඳ වැඩි දුර තොරතුරු එළියට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ (LNW):

ඊයේ (10) රාත්‍රියේ කොටහේන බෙනඩික් මාවතේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පූකුඩු කන්නා නැමැති මත්ද්‍රව්‍ය ජවාරම්කරුගේ ගෝලයකු බව පොලීසිය පවසයි. ඊයේ(10) රාත්‍රී කුඩු සෙල්වි නැමැති කාන්තාවගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවටද වාර්තා වේ.

ත්‍රීරෝද රථයක් අසළ රැඳී සිටි පුද්ගලයෙකුට, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු  විසින් T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් එම වෙඩිතැබීම සිදු කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ  පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ, කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කැනිස්ටන් නේටෝ නමැති පුද්ගලයෙක් බව වාර්තාවන අතර, සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සදහා  කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා ඇති බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...