ජනපති අනුර දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) උදෑසන දිවයිනට පැමිණියේය.

ඒ ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි අතර, උදෑසන 08.25ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන් යානයෙන් නැවත පැමිණියේය.

පසුගිය පෙබරවාරි 10 වන දින එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වූ 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතූ අතර, ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වූ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාද පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...