වායු ගුණාත්මකභාවය පහළ ගිය ප්‍රදේශවල ජනතාවට විමසිළිමත් වන්නැයි උපදෙස්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

රත්නපුර ගැටන්ගම ප්‍රදේශයේ වායූ ගුණාත්මකභාවය ඒකක 108 – 116ත් අතර අගයක පවතින අතර ඇඹිලිපිටිය නගරයෙන් වාර්තා වන වායු ගුණාත්මකභාවය ඒකක 100-108ත් අතර අගයක සටහන් වි ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව පෙන්වා දේ.

වායු ගුණාත්මක දර්ශකයට අනුව වායු ගුණාත්මකභාවය ඒකක 50ට අඩුවෙන් පැවතිම යහපත් වුවත්, මේ වනවිට කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පවතින්නේ ඒකක 60 ඉක්ම වූ අගයකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ, නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ වායූ ගුණාත්මකභාවය ඒකක 44 – 52 ත් අගයක පවතින අතර, ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...