අපට සහය දෙන්න:වැඩබලන පොලිස්පති නීතිඥවරුන්ගෙන් කල ඉල්ලීම!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 19 කොළඹ (LNW):

සෑම නීතිඥවරයෙකුම අධිකරණ පරිශ්‍ර වෙත පැමිණෙන අවස්ථාවේදී පරීක්ෂා කිරීම සඳහා සහාය දෙන ලෙස තමන් නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මේ වනවිට නීතිඥයින් එසේ පරීක්ෂා කිරීමකට ලක්නොවන බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ,අද (19) පෙරවරුවේ දී කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් සැලකෙන ගණේමුල්ල සංජීව නැමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

“අපි පැහැදිලි වශයෙන්ම කියනවා නීතිඥයින් විදියට පැමිණෙන්න තියෙන අවස්ථාව වැඩියි. නීතිඥවරුන් අධිකරණයේ පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාව උපරිම විදියට ප්‍රයෝජනයට අරගෙන තමයි මේ සැකකරු ඒ කාර්යය කරලා තියෙන්නේ. අපි නීතිඥ සංගමයෙනුත් ඉල්ලීමක් කරනවා, ඒ සම්බන්ධයෙන් අපිට සහාය දෙන්න, සෑම නීතිඥවරයෙක්ම පරීක්ෂා කරන්න. ඒත් එක්කම අධිකරණය ඇතුළතත් අවි සහිත නිලධාරීන් රාජකාරියේ යොදවන්න අපි ඉල්ලීමක් කරනවා ඒ අවශ්‍ය අධිකාරීන්ගෙන්, අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කරනවා.“

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...