ගනේමුල්ල සංජීවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කරයි!

0
391

රෂිකා හෙන්නායක පෙබරවාරි 20 කොළඹ (LNW):

ඊයේ (19) දින ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ති‌බේ. තවද සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කරන බව , කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

ඊයේ(20) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තා වෙඩි තබා ඝාතනය කෙරුනු අතර, වෙඩි තැබීම කළ සැකකරු, පුත්තලම පාලවියේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසිනි.

තවද, මෙම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.