ගණේමුල්ල සංජිවගේ ඝාතනය ගැන තවත් තොරතුරු අනාවරණ වෙයි!

Date:

කොළඹ LNW:අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා.

සිදුකරමින් පවතින විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය කෙසෙල්බද්දර පද්මේගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස සිදුකර ඇති බවයි.

ගණේමුල්ල සංජීවගේ දේහය මේවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබෙන අතර මෙම ඝාතනය සහය දැක්වූ කාන්තාව තවදුරටත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

මේ අතර වෙඩික්කරු පලා යාමට භාවිත කළ වෑන් රථයද ව්‍යාජ අංක තහඩුවක් යොදා භාවිතා කර තිබෙන අතර එම රියදුරුද දැන් පසුවන්නේ පොලිස් අත්අඩංගුවේ.

අත්අඩංගුවේ සිටින වෙඩික්කරුගෙන් සිදුකර තිබෙන ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සංජීව ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන ආ කාන්තාව පසුගිය 17 වෙනිදා කඩුවෙල පිහිටි ලැගුම්හලක් වෙත පැමිණ ඇති අතර එහි ලැඟුම්ගෙන සිටියදී මෝටර් රථයකින් පැමිණි අයෙක් විසින් වෙඩික්කරුට හා අදාළ කාන්තාවට පාර්සලයක් ලබාදී පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව එම පාර්සලයේ තිබී ඇත්තේ වෙඩික්කරු හැඳ සිටි නීතීඥ ඇඳුම ඇතුළු භාණ්ඩ කිහිපයකි.

ඝාතනය සිදුකළ දින වෙඩික්කරු සහ අදාළ කාන්තාව කොළඹට රැගෙන ගොස් ඇත්තේද පෙර දින පැමිණ පාර්සලය දුන් පුද්ගලයා බවද අනාවරණය වී තිබෙනවා.

එලෙස වෙඩික්කරු සහ කාන්තාව ප්‍රවාහනය කළ හොන්ඩා ෆිට් වර්ගයේ මෝටර් රථයද පොලිස් භාරයට ගැනීමට හැකිව තිබෙන අතර අදාළ සැකකාර කාන්තාව සමඟ ඝාතන සිද්ධියට පෙර හා පසුව දුරකථන මාර්ගයෙන් සබඳතා පවත්වා ඇති මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන පොලිස් කොස්තාපල්වරයෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවදුරටත් එම විමර්ශන ක්‍රියාත්මක අතර අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහයද බලාපොරොත්තු වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...