සාකච්ජා නැවතිලා කියල මාධ්‍ය කිව්වට එහෙම දෙයක් නැහැ. දක්ෂිණාංශික කඳවුර එකතු කරන්න පුළුවන් වෙයි!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවති සාකච්ජා පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙනම කරන ලද සාකච්ජා නොවන අතර එය දක්ෂිණාංශික කඳවුර ශක්තිමත් කිරීමට කරන ලද සාකච්ජා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සමඟ පමණක් නොව සෙසු පාර්ශව සමඟද සාකච්ජා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එජාපය සමඟ සිදුවූ සාකච්ජා නතර වී ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය වුවද දිගින් දිගටම සාකච්ජා සිදුකරන බවත් වෙනත් පාර්ශව සමඟද සාකච්ජා කරන බවත් ඔහු තවදුරටත් කියාසිටියි.

ඒ අනුව දක්ෂිණාංශික කඳවුර එක් කළ හැකි වරතාවරණයක් ඇති වනු ඇති බවට විශ්වාසයක් පවතින බවද රාජකරුණා මහතා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...