කෙහෙළියගේ තහනම් වත්කම් ගැන අද ලැබුණු නියෝගය!

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තහනමට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාල මුල් ලේඛනවල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රුපියල් මිලියන 97කට අධික වත්කම් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව භාවිතය තහනම් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග නිකුත් කර තිබුණි.

එම වත්කම් ගිණුම්,රක්ෂණ ඔප්පු ආදිය ඇතුළත් වෙයි.

ඒ අනුව මීට අදාළව අද දින එම නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණ හමුවේ ඉල්ලීමක් කරමින් පැවසුවේ අධිකරණ නියෝග මත තහනමට ගෙන තිබෙන සිය සේවාදායකයින්ට අයත් දේපළවලට අදාළ මුල් ලේඛනබල සහතික පිටපත් තමන් වෙත ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එම මුල් ලේඛනවල සහතික පිටපත් ඉල්ලුම්කරුවන්ට ලබා දෙන ලෙස නියෝග කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...