නුගේගොඩදී විශේෂ මැයි රැළියක්. මහින්දගේ අවසන් තීරණය හෙට ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපැවැත්වූව ද එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (01) නුගේගොඩදී විශේෂ මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව 2015 වසරේදී “මහින්ද සුළඟ” ආරම්භ වුණු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීම මෙම මැයි රැළිය පැවැත්වෙන බවයි එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයෙහි රැඳී සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අවසන් තීරණයක් ගැනීමට සූදානමින් සිටින අතර බොහෝවිට එම තීරණයත් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!

පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට...

කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය (AI) මගින්...

කාණ්ඩ තුනකින් අවසන් 16 අතරට පැමිණි යොවුන් බැඩිමින්ටන් තරු අතරින් කෙනත්ගෙන් හොඳ සටනක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 29,  කොළඹ LNW: බබහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන්...

සීනි බිම වැටුණම කුඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නෑනේ. ඒ වගේ තමයි 21 සජබෙත් එයි!

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ විසින් එකාබද්ධව සංවිධානය කරනු ලබන...