දිළිදුකම පිටුදකින්න “ප්‍රජා ශක්ති” එයි!

Date:

කොළඹ LNW: දිළිඳුකම පිටු දැකීම සඳහා ප්‍රජා ශක්ති නම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට වර්තමානයේ මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන බවට අනාවරණය වී ඇත.

පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටු දැකීමේ සුබසාධන වැඩටහන මගින් සහන සලසන ප්‍රතිලාභීන් සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර 2000 වසරේදී ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.10ක් වී ඇති අතර එය 2010 වසරේදී මිලියන 1.57ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම 2024 වසරේදී එම අගය මිලියන 1.79ක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇත.

මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතර කරලෙස බලපාන හෙයින් අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක සඳහා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...