*
Saturday, March 1, 2025
spot_img

Latest Posts

සිංහල සිනමාවේ වම් ඉවුරේ පතිරාජ මුද්‍රාව

ශ්‍රීලාංකීය සිංහල සිනමාවේ දෙනවන සුසමාදර්ශය ලෙසින්ද යථාර්තවාදී සිනමා සම්ප්‍රදායේ හැඳුනුම්පත ලෙසින්ද වම ඉවුරේ සිනමාවේ ‘පති ලෙසින්ද විචරක සම්භාවනාවට පත් ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ 82වන ජන්මදින සංවත්සරය අද(28)දිනට දී තිබේ.

සිනමා අධ්‍යක්ෂකවරයෙකු, තිර පිටපත් රචකයෙකු, නිෂ්පාදකයෙකු ,රූපවාහිණී කතා මාලා අධ්‍යක්ෂකවරයෙකු, ගීත රචකයෙකු කෙටි කතා කරුවෙකු, නව කතා පරිවර්ථකයෙකු ,විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු හා පර්යේෂකවරයෙකු වූ වම් ඉවුරේ සිනමා අරගලකරුවා වූ ධර්මසේන පතිරාජයන් සිය සමාජ, දේශපාලන කියවීමේ ප්‍රකාශන මාධ්‍ය ලෙස තෝරාගනු ලැබුවේ සිනමාවයි. කලාවයි.

සිය මුලික අධ්‍යාපනය මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් නිමකර පේරාදෙණි විශ්ව විද්‍යාලයට සරසවි වරම් ලැබූ පතිරාජ ;හන්තාන කතාවේ’ තිර පිටපත් රචනය හරහා සිය වම ඉවුරේ සිනමාව මහවැලි ඉවුරේ ගොඩ නැගීමට සමත් විය.

පතිරාජ සිනමාවට ප්‍රවිශ්ට වන්නේ(1969) ‘සතුරෝ’ නම් කෙටි චිත්‍රපටයෙනි. හෙතෙම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිටියදීම ‘හන්තානේ කතාවෙහි’ සම තිර රචනයෙන් සම්බන්ධ විය. ඉන් අනතුරුව(1974) ‘අහස් ගව්ව ,(1977)එයා දැන් ලොකු ළමයෙක් ,(1978)බඹරු ඇවිත්,(1978) පොන්මනී, (1980)පාරදිගේ,(1981) සොල්දාදු උන්නැහේ, (1994)වාසුලි (2001) මතුයම් දවසක, (2016)සක්කාරං හා (2017)ස්වරූප ඔහුගේ සිනමා ගමන් මගෙහි සුවිශේෂ නිර්මාණ වේ.
එතෙක් ඉන්දීය මොඩලය සහිතව ආකෘතිය හා සන්ධර්භය හා භාවිතාව සෞන්දර්යාත්මක විධි වලින් හා අලංකාර සම්ප්‍රධායන්ගෙන් වියුක්ත කරවා ලංකාවට අනන්‍ය දේශජ භාෂාවක් හා දේශජ හැඩ ගුණ වලින් ආඛ්‍යාන රීතියකින් යුක්තව ස්වතන්ත්‍ර ප්‍රකාශන මාධ්‍යක් බවට සිනමාව පත් කිරීමට පතිරාජ උත්සහ දැරීය. මේ වෙනුවෙන් අන්‍ය කලාවන්ගේ භාවිතාව මෙන්ම මූලධර්මයන්ද සිය නිර්මාණයට වද්දා ගැනීමට පතිරාජ සමත් විය.

අනන්ත වූ දෙරණ සරා දෑස නිවන නිලක් සොයා
අහස් ගව්ව නැග ගත්තේ නිල්ල දකින්නයි…
ගලන ගලන සිඟිති දොලක සිහිල විඳින්නයි..
ගසක වෙලෙන සිහිනි වැලක පහස ලබන්නයි..

1974 වසරේදී නිර්මාණය කරන ලද ‘අහස් ගව්ව’ චිත්‍රපටය ලාංකීය සිනමාවේ නව මුද්‍රවක් තැබීය. ඔහු එතෙක් පැවති මග වෙනස් කරමින් හිස් පසුම්බිය, උනුසුම් මිත්‍රත්වය හා නිමල හ්රදසක්ෂිය සමග ‘අහස්ගව්ව’ නිර්මාණය කරන අවධියේ සිටි පරම්පරාව ඊට පෙර පරම්පරාවට වඩා බරපතල ගැටලු රැසකට මැදිව සිටි පිරිසක් විය. ඔවුන් බහුතරය නිදහස් අධ්‍යාපනයේ විපුල ඵල නෙලූ පරම්පරාවකි. එයින් කොටසක් ස්වභාෂාවෙන් පමණක් අධ්‍යාපනය ලද්දාහුය. ඒ පරම්පරාව අහස් ගව්ව බිහි වන්නට පෙරාතුව කැරැල්ලකට ද දායකව අමිහිරි අත්දැකීම් ලැබ සිටියහ. මෙම ගැටුම පීඩනය අහස් ගව්ව සිනමා නිර්මාණයෙන් මනාව ඉදිරිපත් කිරීමට පතිරාජ සමත් විය. ඒ වෙනුවෙන් ජූරියේ සම්මාන නවයක් අහස් ගව්ව වෙනුවෙන් ලැබිණි.

හඳුනාගත්තොත් ඔබ මා ….

1978 වසරේ සිංහල සිනමාවට බඹරුන්ගේ ආගමනයත් සමඟ වම් ඉවුරේ පතිරාජ මුද්‍රව තහවුරු විය. නව චිත්‍රපට ලක්ෂණ වලින් ඔදවැඩී ගිය ලාංකීය සිනමාවේ දිශානතිය නව මාවතකට නාභිගත කළ නිර්මාණයක් වශයෙන් ‘බඹරු ඇවිත්’ සිනමා නිර්මාණය හැදින්වි හැකිය.

මනුෂ්‍ය ජීවිතයේ යථාව සංවේදනා පූර්වකව සූක්ෂමව නිරූපණය කරමින් අරඹන කතා තේමාව ධීවර ජනතාවගේ පීඩනය, ඔවුන් සූරා කැවෙන අන්දම, ඔවුන්ගේ ජීවන යථාර්ථය, භාෂාව සංස්කෘතිය මෙන්ම ධීවර ගම්මානයේ සුපුරුදු ජන ජීවිතය දෙදරවා නාගරික ව්‍යාපාරික තරුණ බලවේගවල හැසිරීමේ ස්වභාවය පිළබඳව රූප රාමු මඟින් සමීප කරන්නට පතිරාජ සමත්වේ.

ඉන් අනතුරුව, මහාචාර්ය සුචරිත ගම්ලත්, සුනිල් ආරියරත්න හා යාපන සරසවියෙහි සේවය කරන අවධියේ එම සමාජයේ ආගම, කුලය, ලිංගික සූරාකෑම ආදියෙන් බැට කමින් එම මිනිසුන් ජීවත් වීමට දරණ අරගලය අළලා ද්‍රවිඩ සමාජය කියැවීමේ බුද්ධිමය ආභාෂයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් ‘පොන්මනී ‘ නම් ද්‍රවිඩ සිනමා නිර්මාණය කිරීමට පතිරාජ සමත් විය. මෙය සිංහල නිර්මාණකරුවන් විසින් දුවිඩ සමාජය වෙනුවෙන් කරන ලද ප්‍රථම ව්‍යායාමයයි.

මෙම සිනමා කෘතිය හරහා පතිරාජ වෘත්තාන්ත සිනමාවේ කරන ලද අරගලයම වාර්තා සිනමාව තුළද ජවවේග සම්පන්නව රාමුගත කිරීමට සමත් විය. ඔහු ද්‍රවිඩ සමාජයේ මිනිසුන්ගේ ජීවිතයේ මුල් සොයා යමින් ඒ පිළිබඳව උපේක්ෂා සහගතව බැලීමට ප්‍රේක්ෂකයා හුරු කරයි. ඔහු සිනමාවේ සාම්ප්‍රදායික සම්මත රීතීන්ට අරගල කරමින් විෂය ක්ෂේත්‍රයේ මෙන්ම අර්ථ සම්ප්‍රදායේ නව මං සොය යමින් පිරිපුන් නිර්මාණයක් කිරීමට සමත් විය.

දෙස් විදෙස් පුළුල් තිරමත බුහුමන් ලැබූ ට්‍රොස්කිවාදියකු වූ ධර්මසේන පතිරාජ දූපත් මානසිකත්වයෙන් වියුක්තව ලෝකය පිළිබඳව මනා සංජානනයකින් පසු වූ පුද්ගලයෙක් විය.

සිනමා අධීක්ෂණයට අමතරව බහුවිධ කලා කුසලතාවකින් යුත් පතිරාජ විටෙක නව කතා පරිවර්ථකයෙකු වශයෙන්ද, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද ,ගීත රචකයෙකු වශයෙන් ද, සම්මානයට පාත්‍රවිය.

මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙලි නාට්‍ය වු (1992)’කඩුල්ල’ පතිරාජගේ නිර්මාණයකි. මීට අමතරව (1985)ගඟුලෙන් එතෙරට (1986) මායා මන්දිර (1988) ඇල්ල ළඟ වලව්ව (1989) වන්නිහාමිලාගේ කතාව (1989) සුදු බණ්ඩෙලාගේ කතාව (1989) පුර සක්මන (1993) සුබ අනාගතයක් (1994)නාඳුනන පුත්තු (1996) දුර්ගාන්තය (2009) කමුපිත විල් ඔහු විසින් කර ලද නාට්‍ය නිර්මාණ විය.

2013 වසරේ ජුවාන් රැල්ෆ්ගේ ප්‍රකට කෘතියක් අළලා පතිරාජ විසින පරිවර්ථනය කරන ලද ‘පේද්රෝ පරමෝ’ කෘතිය හොඳම පරිවර්ථනයට හිමි සම්මානය දිනාගනු ලැබීය . අමතරව ධර්මසේන පතිරාජ අද්විතීය ප්‍රතිභා සම්පන්න ගේය පද රචකයෙක් විය. ධර්මසිරි බණ්ඩාරණායකයන්ගේ හංස විලක් ‘ සිනමා නිර්මාණය වෙනුවෙන් ලියවුණ රටක් ආදරය කරන ‘හිමින් සැරේ පියා විදා’ ගීතය පතිරාජගේ අසහාය නිර්මාණයකි.

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

පලා ඇවිත් සිතුම් සියොතුන්

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

පලා ඇවිත් සිතුම් සියොතුන් …

අගස් ගවුවෙන් පැමිණ පරදෙගේ බඹරුන් අතර සැරිසැරූ පතිරාජ 2018 ජනවාරි මස 18 වන දින රූපකා යෙන් නික්ම ගියද ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක හිමිකරුවෙකි. ඔහු ලංකාවේ සංස්කෘතික සීමාවන්ට දරාගත නොහැකි වූ ඥානයක් චින්තනයක් මෙන්ම විශ්වීය කියැවීමක් සහිත ඥාන මණ්ඩලයකි. එහි ප්‍රභාව අපි අද ද අත් විඳිමින් හිඳින්නෙමු. නමුත් ඔහු තවමත් හඳුනා ගැනීමට හෝ කියවා නිමකර ගැනීමට අපි අද ද අපොහොසත්ව හිඳින්නෙමු.

සටහන : සශිකලා මධුෂාණි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan