ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇනවුම් කිරීමෙන් ඉවත් වෙයි !

Date:

ඉන්ධන ඇනවුම් අවලංගු කිරීමටත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වීමටත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, දැනට පවතින සංචිත බෙදාහැරීම පමණක් සිදුකිරීමටත් අලුතින් ඉන්ධන ඇනවුම් නොකිරීමටත් ඔවුන් තීරණය කර ඇති බව සඳහන්.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) පස්වරුවේ කොළඹදී රැස්වී මෙම තීරණයට එළඹ ඇත.

ඒ, ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර, හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...