සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 05, (LNW)කොළඹ
HUNDRED Sri Lanka International Series 2025 බැඩිමින්ටන් තරගාවලියේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කාන්තා කේවල සහ යුගල තරග අංශ දෙකෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවන්ට දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි විය.ඒ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මෑතකාලීනව ජාත්‍යන්තර පිටියේ ඉහළ දස්කම් දැක් වූ ජාතික සූරිය රනිත්මා ලියනගේ ද වෙයි.ඇය මේ තරගයේදී දකුණු කොරියාවේ කිම් මින්ජි අතින් පරාජයට පත් වූවාය.
19 හැවිරිද කිම් ඉකුත් වසරේ අවුරුදු 19 න් පහළ ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී ජය ගෙන තිබෙනවා පමණක් නොව, LI – NING Vietnam International Series 2024 තරගාවලියේ රන් පදක්කම සමඟ සූරතාවය දිනා ගත් තරගකාරියද ඇයය.17 හැවිරිදි රනිත්මාගේ පරාජයට ප්‍රතිවාදිනියගේ දක්ෂතා සංසන්දනය කර සාධාරණය කිරීම පළක් නැත.ඒ නිසා රනිත්මා ඉතා උනන්දුවෙන් තමන්ගේ ශක්ති කළමණාකරය,ප්‍රහාරයන් හී ඉලක්කය සහිතව තව තුරටත් සිරුරේ නමනීය සහ ජව සම්පන්න බව වැඩි කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.
මීට පෙර පැවති අභියෝගතා සූරතාවලියේ දී අනු සූරිය වූ අදීටා රාඕ ට හොඳ සටනක් ලබා දෙමින් තරගයේ පළමු වටය ජය ගන්නට සමත් වුව ද,තරගයට යෝග්‍ය පරිදි දිගටම ශරීරය මෙහෙයවීමේ දුර්වලකමද සමඟ රශ්මිට පරාජය වැළඳ ගන්නට සිඳු විය.
මෙවැනි ජාත්‍යන්තර තරගාවලිවලදි තමන් තරග කළ යුත්තේ කුමන තරග අංශයෙන් ද නොදැන ඉසව් කිහිපයකට මුහුණ දීම ඥාණාන්විත දෙයක් නොවේය.එහි අවසාන ප්‍රතිපලය විය හැක්කේ දොඩම් ගොඩ බදා ගැනීමට උත්සාහ කළ අයට වන දේ ය.පිහාටු මල සහ බැඩ්මින්ටන් පිත්තම යෙදුණ ද,කේවල සහ යුගල ලෙස ගත් විට තරග කිරීමේ රටාව අතර පරතරයක් ඇත.එසේම විශාල රිද්මය සම්බන්ධ වෙනසක් ද ඇත.ජාත්‍යන්තර පිටියේදී තමන් අවධානය යොමු කර තමන් සිටින රිද්මයෙන් වෙනත් රිද්මයකට ක්ෂණිකව හුවමාරු කරන්නට අපහසුය.ඒ නිසා වැදගත් තමන්ගේ දක්ෂතා අනුව වඩාත් ගැලපෙන්නේ කේවල තරග අංශයට ද,යුගල තරග අංශයටද යන්න තේරුම් ගෙන කටයුතු කිරීමය.
කාන්තා යුගල අංශයේදී ද දෙවන වටයට කිසිඳු යුගලයක් සුදුසු නොවුණු අතර ඒ අතර අප මුලින් පැවසූ ආකාරය තේරුම් ගනිමින් තමන් වඩාත් දක්ෂ කුමකටද යන්න තේරුම් ගෙන අවධානය යොමු කරමින් කාන්තා යුගල තරගවලට පමණක් යන්න අද සිටිම තේරුම් ගෙන ක්‍රිඩා කරන සිතුම් ද සිල්වා සහ ඉසුරි අත්තනායක කුඩා වයසේ වුව ද,මේ වන සිට සිය සාමූහික අනන්‍යතාවය සමඟ ක්‍රීඩා කරනු දැකිය හැකිය.සිතුමි සහ ඉසුරු මෙම තරගවලදී යුගල අංශයෙන් පරාජය පත් වූයේ ලකුණු 21 – 14 සහ 21 – 19 ලෙසයි. තරගාවලියට අදාළ ශ්‍රේණීගත කිරීම්වල තෙවන තැන සිටි ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකා යුගලය වූ Rashmi GANESH සහ Sania SIKKANDAR වෙත ශ්‍රී ලංකාවේ අවුරුදු 15 නොඉක්ම වූ සිතුමි සහ ඉසුරි දුන් තරගය ජයග්‍රාහණය තරම්ම වටින,ජයග්‍රාහිම බලාපොරොත්තුවක්ය.
