පාලකයින් හැටියට අපි උපරිම කැපකිරීම් කරලා තියෙන්නෙ, ජනතාවත් පුංචි කැපකිරීමක් කරන්න – ඇමති චතුරංග

Date:

ජාතික ජන බලවේගයේ රජය ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාව නොඉල්ලූ, ජනතාව නොසිතූ විරූ පහසුකම් මෙවර අයවැයෙන් ලබාදී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“අපි මේ බදු වැඩිකරලා තියෙන්නෙ අපට ආසාවට නෙවෙයිනෙ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා අපි කාලාන්තරයක් ඉස්සරහට යනකොට මේ ඉන්ධන පිරිවැය, බලශක්ති පිරිවැය නිෂ්පාදන ආර්ථිකයක් හදද්දී එන්න එන්න අඩුකරගන්න ඕනෙ කියලා. නමුත් අපට මේ වෙලාවේ තියෙනවා 15.1%ක රාජ්‍ය ආදායමක් එකතු කරගැනීමේ අර්බුදයක්. ඒ නිසා අපි බදු පදනම පුළුල් කරගැනීම තුළින් – විත්හෝල්ඩිං ටැක්ස් එක දැම්මෙ බදු දැළ පුළුල් කරන්න, ඩිජිටල් ආර්ථිකයට 15%ක බද්දක් එන්නෙ බදු දැළ පුළුල් වෙනවා ඒකෙනුත්. ඒ වගේම සමස්ත රටේ ජනතාව ආදායම් උත්පාදනය කරන වෛද්‍යවරු, වෘත්තිකයින්, ලෝයර්ස්ලා මේ ඔක්කොම මේ බදු දැළ ඇතුළට ආවාට පස්සෙ අපට පුළුවන් වෙනවා සමස්ත බදු බර, ඒක පුද්ගල බදු බර එන්න එන්න අඩු කරන්න. ඒක වක්‍ර බදුවලින් අඩු කරන්නත් පුළුවන්, ඒ පිළිබඳ හොඳ අවබෝධයක් IMF එකත් අපිත් අතර තියෙනවා. මං හිතන්නෙ ජනතාවත් තේරුම් ගන්න ඕනෙ, වෘත්තිකයොත් තේරුම් ගන්න ඕනෙ අපි හිටපු තැන කොතනද ? අපි ගිය අවුරුද්දෙ මොනවාහරි දෙයක් ඉල්ලුවා නම් අපිට කිව්වා IMF එකට ගිහිල්ලා කතා කරන්න කියලා. දැන් ඔබ වෙනුවෙන් අපි IMF එකත් එක්ක සාකච්ඡා කරලා ඔය නොඉල්ලූ, නොසිතූ විරූ පහසුකම් මේ අයවැය ඇතුළෙ ගෙනල්ලා තියෙනවා ප්‍රාග්ධන වියදම් සහ වර්තන වියදම් විදිහට. ඒ නිසා අපි පුංචි කැපකිරීමක් කරමු. දේශපාලනඥයින් විදියට අපි උපරිම කැපකිරීම කරලා තියෙනවා. ඉතින් මේක අපි එකතුවෙලා හදාගත්තෙ නැත්නම් ආයෙ හදාගන්න අවස්ථාවක් මේ රටට එන එකක් නෑ”

චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...