රනිල් වික්‍රමසිංහලා මෙච්චරකල් හැංගිලා හිටියේ දේශපාලන රස්නෙන්. දැන් ඒවා ඉවරයි – වටගල

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා අල්ජසීරා වෙත කරන ලද ප්‍රකාශයට අනුව බටලන්ද වදකාගාර සිද්ධියත්, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවත් පාස්කු ප්‍රහාරයත් යන කාරණා තුනටම අදාළව වික්‍රමසිංහ මහතා වගකිව යුතු වන්නේ නම් ඊට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ වැනි අය මෙතෙක් කල් සිටියේ දේශපාලන රස්නයෙන් වන නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තරාතිරම නොබලා එකහා සමානව නීතිය ක්‍රියාත්මක කරන හෙයින් රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා වෙත කළ ප්‍රකාශයේ කරුණු ගැන ආණ්ඩුව අවධානය යොමුකරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා මාධ්‍යවේදීන් ඉදිරියේ ඇනගත් බවයි වටගල මහතා කියාසිටියේ.

මේ අතර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නීත්‍යානුකූලව කටයුතු කර ඇත්නම් සැඟවී සිටීමේ අවශ්‍යතාවක් නැති බවද මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතාට දීර්ඝ කාලයක සැඟවී සිටීමට හැකියාවක් නොමැති අතර ඔහුට නීතිය ඉදිරියට පැමිණීමට සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පොලීසියේ උපක්‍රම දන්නා කෙනෙක් ලෙස ඔහු සැඟවී සිටියද නොබෝ දිනකින්ම හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා බවද නියෝජ්‍ය අමාතයවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (08) කොටුව පාවෙන වෙළෙඳ සල් නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාඩු ලබන තත්ත්වයෙන් පවත්වාගෙන යන කොළඹ පාවෙන වෙළෙඳ සල් ජපාන සහයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් එහි ඉදිරි සංවර්ධන කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...