*
Tuesday, March 11, 2025
spot_img

Latest Posts

ඉන්දියාවේ ක්‍රිකට් පමණක් නොවුණු ජයක් තුන්වන වරටත් කුසලානය ඉන්දියාවට

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 10, (LNW)කොළඹ

නවවන වරට නිමාව දුටු චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සූරයින් හැටියට ඉන්දියාවේ නම ලියවෙන්නේ තෙවන වරටය.මීට පෙර දෙවතාවක් නම ලියැවී ඇති අතර ඉන් එක් වරක් නම ලියවෙන්නේ ශ්‍රී ලංකාව සමඟ සම සූරයින් හැටියටය.

මේ තරගාවලි ජය ගැන ඉන්දියාව සම්බන්ධයෙන් අප්‍රසාදය දනවන හැඟීමකින් ඇතැම් ශ්‍රී ලාංකිකයෝ කතා කරති.ඒ පකිස්තානයට සංවිධානය කිරීම හිමි වූ මේ තරගාවලියේ ඉන්දියාව සහභාගි වන තරග මැද පෙරදිගට ඇදීමට බලපෑම කළේ ඉන්දියාව බැවිනි.ඒ රෙට අතර ඇති දේශපාලන අර්බූදය නිසා මිස ක්‍රීඩකයන් ක්‍රීඩකයන් පිටියේදි ඇන කොටා ගනිවී යැයි ඇති බියකින් නොවේය.

ආරක්ෂාව සම්බන්ධ සහතිකය කිසිවෙකුට අවශ්‍යය වන පරිදි දිය නොහැකි අතර එම රට විසින් තීරණය කළ යුතු තත්ත්වයකි.වර්ග සැතපුම් 25000 ප්‍රමාණය තුළ ශ්‍රී ලංකා රජයට පිටතින් පැමිණෙන කණ්ඩායම්වලට ආරක්ෂාව දිය නොහැකි බව කියා විදේශ ක්‍රිකට් කණ්ඩායම් නොපැමිණි අවස්ථා මෙන්ම,පැමිණ සිටියදී වන සිඳුවීම් පදනම් කරගෙන සංචාරය අතරමඟ නවතා හැරී ගිය අවස්ථා ද ඇත.එවැනි අවස්ථාවක අයිසීසී යට ‘උඹලා වරෙල්ලා අපි ආරක්ෂාව ගැන බලා ගන්නම්‘ කියා වගකීම ගන්නට නොහැකිය.

ශ්‍රී ලංකාවේ ලෝක කුසලානය පවතින මොහොතේ දී අයිසීසීය ඒ දේ කළ බව අපි දනිමු.ශ්‍රී ලංකාවට ඒමට ප්‍රතික්ෂේප කළ කණ්ඩායම් සමඟ පැවති තරගවල ලකුණු ලංකාව ජයගත් සේ සළකා පිරිනමනු ලැබීය.එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානයේදී එල්ල වූ ප්‍රහාරය සියල්ල කණපිට හැරවීය.පකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිම කණ්ඩායමකට එහි යන්නට බලපෑම් කරන්නේ නැත.ඇෆ්ගනිස්තානයේ තත්ත්වය අනුව කවදා එරට ජාත්‍යන්තර තරගයක් පවත්වයිද කියා කියන්නට නොහැකිය.

ඒ නිසා රටවල් අතර පවතින දේශපාලන අර්බූදවල ස්වභාවය අනුව රටක් යම් ආකාරයකින් රටකට යාම සිය ක්‍රීඩකයන්ගේ ජීවිතවලට අනතුරුදායක බව කියයි නම් අයිසීසීය ට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දීමට නොහැකිය.ඒ නිසා ඉන්දියාව තමන්ගේ බලය පෙන්නා පකිස්තානයේ ක්‍රීඩා නොකර චැම්පියන්ස් කුසලානය ජය ගත්තා යැයි කීම ඉන්දියාවේ දක්ෂතාවය නොසළකා හරින අසාධාරණ කතාවකි.ඉන්දීය ක්‍රීඩකයන්ගේ ජීවිත ගැන වගකීම ගැනීමට කිසිවෙකුට කළ නොහැකිය.පකිස්තානය වුව ඊට බලවත් සේ විරෝධය පාන්නට නොගොස් ඉන්දියාවේ ස්වාධීනත්වයට ගරු කළේ,පකිස්තානයට මේ වන විට ඇති අර්බූද හමුවේ ඉන්දියාව සමඟ යුද වැදීමක යෙදෙන්නට අවශ්‍යයතාවයක් නැති නිසාය.මේ දේශපාලන එදිරිවාදිකම,භූමිය සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම් අර්බූදය වැනි කාරණා නිසා වන විනාශකාරී ඉරණම් ගැන පෞද්ගලික සහ රජයේ නාලිකාවල පෙන්වන චිත්‍රපට ටික බැලුවත් ඉන්දියාවට පකිස්තානයට යන්න කියන්නටවත්,පකිස්තානයට ඉන්දියාවට යන්න කියන්නටවත් ඉක්මන් වන්නේ නැත.

ඒ නිසා අපට අනුවනම් සිය ක්‍රීඩකයන්ගේ ජීවිතවල ආරක්ෂාව සහ වගකීම ගත් ඉන්දියානු රජය,ඔවුන් සතු දක්ෂතාවල ප්‍රමාණයෙන් චැම්පියන්ස් කුසලානය ඉන්දියාවට රැඟෙන එන්නට සිය කණ්ඩායමට දැක් විය යුතු සාධාරණම ආරක්ෂාකාරී පසුබිම සකසා දී ඇත.

ඉන්දියාව මේ තරගාවලිය ජය ගන්නේ අපරාජිතවය.එසේම අනු සූර නවසීලන්තය පරාජය වන්නේ ද ඉන්දියාවට පමණි.සාමාන්‍යෙයන් ලීග් හැඩය ගන්නා තරගාවලියකදී සූරයන්ට වුව මූලික වටයේ තරගයකදී පරාජය අත් විදීමට සිඳුවිම අසාමාන්‍ය දෙයක් නොවන්නේය.එහෙත් ඉන්දියාව මේ අවසාන තරගයට පිවිසියේ අපරාජිතවය.එ් නිසා ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය සහ ඊට ඔවුන් සතුව තිබුණ හැකියාව සහ කැපවීම අපට අඩුවෙන් තක්සේරු කරන්නට නොහැකිය.

මේ තරගයේදී නවසීලන්තය කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීම විශ්වාස කළ නොහැකි එකක් විය.සමහර විට ඉන්දීය වේග පන්දු යවන්නන් දෙදෙනා වූ මොහොමඩ් සාමී මෙන්ම හාර්ඩික් පාන්ඩයාට මුල් ඕවර් කිහිපයේ එල්ල කළ ප්‍රහාරය අනුව ඉන්දියාවට එරෙහිව ලකුණු 300 ක ඉලක්කයක් ඔවුන්ගේ සිතේ තිබෙන්නට ඇත.එහෙත් සාමි සහ පාන්ඩයා පන්දු ඕවර් 12 දී ලකුණු 104 ක් ලබා දෙද්දි රෝහිත් ෂර්මා තමන්ගේ දඟ අවි ගබඩාව තෝරා ගැනීමෙන් අනතුරුව ලකුණු ලබා ගැනීම පහසු නොවීය.පන්දු ඕවර් 38 ක් තුළ ඔවුන් ලබා දුන්නේ ලකුණු 147 ක් පමණි. ඒ කඩුලු 7 ක් ද නවසීලන්තයට අහිමි කරමින්ය.

ඉන්දීය ඉණිමටද නවසීලන්ත වේග පන්දු යවන්නන්ට කළ හැකි දෙයක් නොවිණ.කයිල් ජෙමීසන් පමණක් ලකුණු 24 ට කඩුල්ලක් දවා ගත්තත්,සෙසු පන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවීමට නොහැකි විය.ජෙමීසන් ද ඇතුළුව,විල් ඔරොර්කේ සහ නේදන් ස්මිත් පන්දු ඕවර් 12 ට ලකුණු 102 ක් ලබා දී තිබිණ.එහිදී උප මහද්වීපික හුරුව සහිත ඉන්දීය දඟ පන්දු යවන්නන් තරමටම සාර්ථක ප්‍රතිපල අත් කර ගන්නට නොහැකි වූ නිසා පන්දු ඕවර් 37 ක් තුළ ලකුණු 150 ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහණයට පිවිසියේය.

මෙහිදී ඉන්දියාවට විශාල අස්වැසිල්ලක් වූයේ ලකුණු අතර සිට විරාට් කෝලි වැනි ක්‍රිඩකයෙක් එක ලකුණකට සීමා කර ආපසු ක්‍රීඩාගාරයට යවන තත්ත්වයක් තුළ තරගාවලිය පුරාම හොඳ ඉණිමක් ගොඩ නඟා ගන්නට නොහැකි දුෂ්කරතාවයෙන් වෙලී සිටි නායක රෝහිත් ෂර්මා පන්දු 83 න් ලකුණු 76 ක් රැස් කර ඉන්දියාවට ජයග්‍රහණයේ පදනම දමා දීමය.ඒ නිසාම ඔහු තරගයේ වීරයා ද වූ අතර ශ්‍රෙයියාස් අයියාර් තරගාවලිය පුරාම මෙන් මේ තරගයේදී ද ඉන්දීය ඉණිමට ලකුණු 48 න් දායක විය.

ඉන්දියාව වේග පන්දුවට මුහුණ දීමේ සාර්ථකත්වයට මේ තරගයේදී රෝහිත් ෂර්මා පහර දුන් ආකාරය පමණක් උදාහරණයට ගත හැකිය.එහි ගෞරවය යා යුත්තේ ලාංකිකයෙකු වූ පන්දු වීසි කරන්නෙකු වන බව්වා යන සුරතල් නාමයෙන් හදුන්වන උදේනක නුවන් සෙනවිරත්නටය.කෙසේ වුව කවුරු හෝ ඉන්දියානු ක්‍රිකට් පකිස්තානයට නොයෑම ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ උවමනාව නොවේය.ඒ ඉන්දියාවේ දේශපාලන ප්‍රතිපත්ති කාරණා මත ඉන්දියාව දරණ මතයය.

රටේ යම් දේශපාලනික ප්‍රතිපත්තියක් සහ අනන්‍යතාවයක් ඇතිනම් ඊට බැහැරින් වැඩ කරන්නට ජාත්‍යන්තර සංගම්වලට යෝජනා කරන්නට හෝ බලපෑම් කරන්නට නොහැකිය.ලෝකයේ පවතින් සදාචාරාත්මක නොවන සහ මානවීය නොවන කරුණු කාරණා පදනම් කරගෙන රටක ක්‍රීඩාවක් තහනම් කිරීමට යම් ජාත්‍යන්තර සංගමයකට තීරණයකට ඒමට හැකිය.රුසියාව සහ බෙලරුෂියාවට දමා ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තහනම එබඳුය. ඒ වුණත්,ඒ රටේ ක්‍රීඩාවේ සහ රජයේ ප්‍රකිපත්ති මත ඇති පොදු සැළසුමක් ඉක්මවා යන්නට ජාත්‍යන්තර සංගමයකට නොහැකිය. රටවල් යම් යම් රටවල්වල පවතින් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවල් වර්ජනය කරන්න ඉදිරිපත් වන අවස්ථා නිර්මාණය වන්නේ රටේ හි ඇති දේශපාලනික ස්ළුභාවයට අනුකූලවය.රටවල් රටක් තිබෙන ජාත්‍යන්තර උළෙලක් එම රටවල්වලට අදාළ ප්‍රතිපත්තිමය අර්බූදයක් මත තහනම් කළ ද ක්‍රියාමාර්ග ගන්නට ජාත්‍යන්තර සම්මේලන නොයන්නේ එබැවින්ය.ඒ නිසා ඉන්දියානු තහනම ඉන්දිය රජය පකිස්තානය සම්බන්ධයෙන් දරණ මතය නොවුණානම් ඉන්දියානු රජය ක්‍රිකට්වලට ඩුබායි නොයා ඉන්නට ඉඩ දෙන්නේ නැත.

ලෝකය කියන සියල්ල රටක් කළ යුතු නැත.තමන්ගේ ප්‍රතිපත්ති අනන්‍යතා මත එකඟ නොවිය හැකි කාරණා ද ඇත.ඒ අනුව මේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම,ඉන්දීය ක්‍රිකට් ආයතනය පමණක් නොව ඉන්දීය රජය ද සතු වූ ජයග්‍රහණයකි.ක්‍රීඩකයින් නිරුපද්‍රිතව ලෝක කුසලානය සුරතට පත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රාජ්‍යෙය් ප්‍රතිපත්ති ජයග්‍රහණය කිරීමක් ද මෙහිදි සිඳුව ඇති නිසා ඉන්දියාව මේ ජයග්‍රහණය රටක් හැටියට උපයපු ජයක් ලෙස හැඳන්විය හැකිය.

අවසාන තරගයේ ලකුණු විස්තරය පහතින් දැක්වේ.
https://bit.ly/3DuiBRK

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan