සිසුවෙකුට වධහිංසා කළ ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානමින්

තමන් පන්තිවලට පැමිණෙන සිසුන්ට පහරදෙමින් වධහිංසාවට ලක් කරන ටියුෂන් ගුරුවරයකු පිළිබඳ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබිණි.

යෝෂිත හෙට්ටිආරච්චි නම් මෙම ටියුෂන් ගුරුවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුට අද (11) දිනයේදී පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.

එහෙත් ඔහු අද දිනයේ එහි නොපැමිණ මගහැර තිබීම හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව එම අධිකාරිය පවසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

මෙම ගුරුවරයා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවකු වන අතර අගමැතිවරිය ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් සමග ගත් ඡායාරූප සහ ජාජබ ප්‍රචාරක කටයුතුවල නිරත වෙන අයුරු දැක්වෙන ඡායාරූප ද ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි පළකර තිබෙනු දැකගත හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...