රාජපක්ෂලාගේ කතරගම නිවසේ විමර්ශන වාර්තාව නීතිපතිට!

Date:

කොළඹ LNW:කතරගම ප්‍රදේශයේ ඉදිකර තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමු කරන බව පොලීසිය පවසයි.

අනතුරුව නීතිපතිවරයා විසින් දෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

එම නිවස සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා සහ ඊයේ (11)දින කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතාගෙන් සහ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

එමෙන්ම එම නිවස ඉදිකිරිමේදී විවිධ අවසර ලබා ගත් කතරගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන,පළාත් පාලන ආයතන මෙන්ම කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබේ.

අදාළ ඉදිකිරීම් කර ඇත්තේ 2006 වසරේදී වන අතරතමන් වහන්සේ කිරිවෙහෙරට පැමිණ ඇත්තේ 2013 වසරේ වන හෙයින් තමන්ට ඒ සම්බන්ධ වගකීමක් ගත නොහැකි බව ප්‍රකාශ කළ බවයි පූජ්‍ය කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...