*
Wednesday, March 12, 2025
spot_img

Latest Posts

කථානායකලාගේ තෙල් වියදම් එළියට!මහින්ද යාපලාගේ සැපත් කරළියට!

කොළඹ LNW: හිටපු කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභාසපතිගේ ඉන්ධන වියදම් සහ වත්මන් පාර්ලිමේන්තුවේ එම තනතුරු විසින් පසුගිය පෙබරවාරි 25 වැනිදා දක්වා කරන ලද ඉන්ධන වියදම් සම්බන්ධයෙන් වාර්තාවක් අද (12) පාර්ලිමේන්තුවේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සභාගත කළේය.

වත්මන් ආණ්ඩුව වාර්තා ඉදිරිපත් කිරීමෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ආදර්ශය සපයා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”හිටපු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 2023 ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා වාහන 08ක් භාවිතා කොට තිබෙනවා. ඒ සඳහා මිලියන 26ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂකතුමා සහතික කොට තිබෙනවා. මම එය හැන්සාඩ් කරනවා. ඒ වගේම 2023 සම්පූර්ණ වර්ෂයේම නියෝජ්‍ය කථානායකතුමා එතුමා වාහන 06ක් භාවිතා කර තිබෙනවා. මිලියන 14ක ඉන්ධන වියදමක් දරා තිබෙනවා. ඊට පස්සේ නව වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ඔහු වාහන 04කුත් මිලියන 7.8ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. 2024 වසරේදී හිටපු කථානායකතුමා වාහන 09ක් සහ මිලියන 33ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. 2024 වත්මන් ආණ්ඩුව බලයට එනකම් හිටපු නියෝජ්‍ය කථානායකතුමා මිලියන 13ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. වාහන 06ක් භාවිතා කර තිබෙනවා. 2024 පළමු මාස 09ට හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා වාහන 04ක් සමඟ මිලියන 7.2ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. මේ සියලු වියදම පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂතුමා විසින් සනාථ කොට තිබෙනවා.”

මේ අතර වර්තමාන පාර්ලිමේන්තුවේ වෙනසත් බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

”2024 වර්ෂයේ පළමු මාස එකහමාරට නව කථානායකතුමා විසින් භාවිතා කරන ලද ඉන්ධන වියදම එක්ලක්ෂ විසිතුන්දාහයි. නියෝජ්‍ය කථානායකතුමාගේ ඉන්ධන වියදම එම කාලයට රු.45,000යි. නියෝජ්‍ය කාරක සභා සභාපතිනියගේ ඉන්ධන වියදම රු.18,000යි. 2025 ජනවාරි මාසයේ කථානායකතුමාගේ ඉන්ධන වියදම දෙලක්ෂ දහඅටදාහයි. නියෝජ්‍ය කථානායකතුමාගේ විසිතුන්දාහයි. කාරක සභා සභාපතිතුමියගේ ඉන්ධන වියදම 81,000යි. පෙබරවාරි 25 දක්වා කථානායකතුමනි ඔබතුමාගේ ඉන්ධන වියදම 1,23,000යි. නියෝජ්‍ය කථානායකතුමාගේ රු.25000යි. මේ සියල්ල මම හැන්සාඩ් කරනවා. වාර්තා ඉදිරිපත් කිරීමෙන් පමණක් නෙවෙයි අප ආදර්ශයෙනුත් ලබා දී තිබෙන දේ අගය කරනවා. ඒ ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් ඔබතුමාගේ අභිමතය පරිදි විගණන තීරණ මත අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ඒ පිළිබඳවත් කල්පනා කර බලන්න.” යනුවෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan