ලිංගික අපයෝජනයකට ලක්ව මියගිය අට හැවිරිදි දැරියගේ සිද්ධියෙන් බංග්ලාදේශය ඇවිලෙයි!

Date:

කොළඹ LNW:අට හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයකට ලක්ව මිය යාමේ සිද්ධියක් නිසා මේ වන විට බංග්ලාදේශය පුර විරෝධතා උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලිංගික අපයෝජනයේදී ඇති වූ තුවාල හේතුවෙන් දින හයක් අසාධ්‍ය තත්ත්වයෙන් ඩකා අගනුවර ඒකාබද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පසුගිය බ්‍රහස්පතින්දා මියගොස් තිබුණි.

මගුරා නගරයේ සිය වැඩිමහල් සහෝදරියගේ නිවසට යමින් සිටියදී එම දැරිය අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය එම මියගිය දැරියගේ වැඩිමහල් සහෝදරියගේ 18 හැවිරිදි සැමියා හා ඔහුගේ නිවැසියන් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ මරණය සැලවීමත් සමඟ සිද්ධියට චෝදනා ලබා සිටින පුද්ගලයාගේ නිවසට පිරිස් ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ මියගිය දැරියට සාධාරණය ඉටුවිය යුතු බවටයි.

ළමා හා කාන්තා ලිංගික අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් බංග්ලාදේශයේ 2020දී සම්මත කරන ලද නීතියට අනුව එරට බාල වයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම මරණ දඬුවම නියම වන වරදක් ලෙසද දැක්වෙයි.

කෙසේවෙතත් එරට නීතිය සහ බේරුම්කරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසර අට තුළ බංග්ලාදේශයේ ළමා අපයෝජන නඩු 3438 ක් ගොනු කර ඇති අතර, තවත් බොහෝ වින්දිතයින් සිටින බව දැක්වෙයි.

ඔවුන්ගෙන් අවම වශයෙන් 539 ක් වයස අවුරුදු හයට අඩු අය වන අතර 933 ක් වයස අවුරුදු හතත් දොළහත් අතර අය බව සඳහන්.

බොහෝ අවස්ථාවලදී දරුවන් ලිංගික අපයෝජනයන්ට ලක් කරනු ලබන්නේ ඔවුන් දන්නා පුද්ගලයින් විසින් බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...