*
Saturday, March 22, 2025
spot_img

Latest Posts

ඡන්ද පොරොන්දු අමු අමුවේ කඩකරමින් වත්මන් රජය IMF රූකඩයක් බවට පත් වෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය මැතිවරණ කාලයේ සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථිකය හසුරවන්නේ කෙසේද සහ ඒ සම්බන්ධයෙන් පොරොන්දු මාලා රැසක් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කියන ප්‍රතිපත්ති මාලාව හරහා ඉදිරිපත් කළත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බවත් ප්‍රතිපත්ති මාලාව තුළින් බලාපොරොත්තු පොරොන්දු රැසක් ලබා දුන්නත් අද වන විට ඒවා උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් රජය මැතිවරණ සමයේ අලුතින් ණය තිරසරකරණ ගිවිසුමකට (DSA) යනවා කියා කිව්වත් එය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වුවත් අවසානයේ එවැනි නව ගිවිසුමකට නොයා පසුගිය රජය නිර්මාණය කළ රටටත් රටේ ජනතාවටත් අතිශය පීඩනකාරී අසහනකාරී සාමාන්‍ය ජනතාවගේ කරපිට හිසමත බරපටවා ජනතාවට වෛරීකාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයිඑම්එෆ් එකගතාවකට ද්විපාර්ශ්වීය ණය එකගතාවකට ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන් සමග එකගතාවකට ප්‍රවේශ වූ බවත් අයිඑම්එෆ් එක කියන පදයට නටන අයිඑම්එෆ් එකේ රූකඩයක් වූ රජයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ථික වර්ධනය 5% ඉලක්කය කරා යා යුතු බවත් 2028 වන විට ණය ගෙවීමේ තැනට රට පත් වන විට මේ ආර්ථික වර්ධන වේගය සම්පූර්ණ කළ යුතු බවත් රාජ්‍ය ආදායම් හා පොලි අනුපාත ඉලක්ක සම්පූර්ණ කර ගත යුතු බවත් මෙය 5% නොව ඊටත් වඩා වැඩි වේවා කියා ප්‍රාර්ථනා කරන නමුත් මේ ආර්ථික වර්ධන වේගය හරහා රටේ දළ දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන රජයේ වැඩපිළිවෙළ නම් ප්‍රමාණවත් නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අයිඑම්එෆ් එක කියන ඕනෑම දෙයට එහෙයි කියන රජයක් මේක

පෙනී යන ආකාරයට මේ සෑම අංශයක්ම දෙස බලන විට අයිඑම්එෆ් එක කියන ඕනෑම දෙයට එහෙයි කියා එකග වන ජන වරම අමු අමුවේ උල්ලංඝනය කරන රජයක් රටේ ඇති බවත් අපනයන ප්‍රවර්ධනය අත්‍යාවශ්‍ය කරුණක් ඒ හරහා රැකියා බිහි වීම කර්මාන්ත බිහි වීම හරහා එහි ප්‍රතිලාභ රටට බහුවිධ ආකාරයෙන් ලැබෙන බවත් ඒ සදහා වැඩපිළිවෙළක් ද නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටට ඉහළ ආයෝජන ප්‍රතිශතයක් හා ආයෝජන ප්‍රවර්ධන සැලසුමක් අවශ්‍ය බවත් රජයට එවැනි දෙයක් තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වියට්නාමය ඉන්දුනීසියාව මැලේසියාව ඉන්දියාව වැනි රටවල් සමග තරග කර අභිබවා ගොස් අප රටට වැඩි ආයෝජනයක් ගෙන ආ හැකි වැඩපිළිවෙළක් තිබිය යුතු වුවත් රජයට එවැනි වැඩපිළිපිළිවෙළක් නොමැති බවයි.

කෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයෝ

වැඩ කරන ජනතාව කම්කරු පන්තිය වෙනුවෙන් රජය තරම් හඩක් නගපු කෑ ගැසූ පෙනී සිටි උද්ඝෝෂණ පවත්වනු කණ්ඩායමක් නොමැති වුවත් පසුගිය රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩකරන ජනතාවගේ අරමුදල් සූරා කන විට එය වෙනස් කරනවා යැයි කිව්වත් බලයට පැමිණි පසු එය අමතක කර ඇති බවත් වැඩිහිටි විශ්‍රාමික ප්‍රජාවට ලබා දුන් 15% පොලී ආදායම නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ පවා රජය කියන්නේ බදු ව්‍යුහය පුළුල් කරන්න රදවා ගැනීමේ බදු වැඩි කර ඇති බවත් මේ මොහොතේ රටේ සාමාන්‍ය වැඩිහිටි ප්‍රජාවගේ විශ්‍රාමික ප්‍රජාවට මේ සහනය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උපාධිධාරීන්ට රැකියා නැත්තේ අයිඑම්එෆ් නිසාද?

උපාධිධාරීන් 35000කගේ රැකියා ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ අයිඑම්එෆ් එක කියන නිසා ද කියා ප්‍රශ්න කරන බවත් ඉන්දන සහනාධාරය විශාල ලෙස දෙනවා කිව්වත් තවමත් එය නොලැබෙන බවත් මෙරට ඉහළම පොහොසතුන් හැරුණු කොට සාමාන්‍ය ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙළකට රජය යා යුතු බවත් ඒ අපේක්ෂා කඩ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අන්ත අසරණ වී ඇති නිසා ඔවුන් ගැන ද සැලකිලිමත්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ බලාපොරොත්තු කඩ නොකරන ලෙසත් මැතිවරන සමයේ ලබා දුන් අපේක්ෂා ඉටු කරන ලෙසත් පැවසීය.

පුංචි කාර් සිහිනයත් සිහිනයක්ම වෙලා

වාහනයක අයිතිය ලබා දෙනවා කියූ ආකාරයට අද එය සිදු නොවන බවත් රු ලක්ෂ 12කට පුංචි කාර් එකක් ගන්න පුලුවන් අවස්ථාව ලබා දෙනවා කියා දැවැන්ත ප්‍රකාශය අද හීනයක් වී ඇති බවත් අයිඑම් එෆ් උපදෙස් මත ඒ පොරොන්දුව පවා අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තියට මරු පහරක්

පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගල්අගුරු ඩීසල් මාෆියාව නැති කරනවා යැයි කිව්වත් අද වන විට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සමග අත්සන් කළ ගිවිසුම අද ක්‍රියාත්මක නොවන බවත් සූනිත්‍ය බලශක්තිය තුළින් ලබා දෙන මිලදී ගන්නා මුදල අද පහළ හෙළා ඇති බවත් ඒ තුළින් පුනර්ජනනීය බලශක්තියට මරු පහරක් එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

Booking.com එකට බදු පනවන්න කලින් සංචාරක ව්‍යාපාරය ගැන සිතන්න

Booking.com සදහා නව බද්ධක් පනවන්න රජය තීරණ කර ඇති බවත් ඒ බද්ද ගැන කතා කරද්දි සංචාරක ක්ෂේත්‍රයේ ඇති විය හැකි හානිදායක අගතිගාමී ප්‍රතිඵල ගැන ශක්‍යතා අධ්‍යයනයක් කර ඇති ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් Booking.com හරහා මෙරට සංචාරක කර්මාන්තයට ලැබෙන ශක්තිය අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan