මැතිවරණ ඉතිහාසේ වැඩම නාමයෝජනා ප්‍රතික්ෂේවීම මහනුවරින්!

කොළඹ LNW:මැතිවරණ ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණයකදී වැඩිම නාම යෝජනා පත්‍ර ප්‍රමාණයක් ප්‍රතික්ෂේපවීම මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර වාර්තාවූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා පැවසුවේය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ 230ක් වන නාම යෝජනාවලින් 58ක් ප්‍රතික්ෂේප වූ බවයි ඒ මහතා සඳහන් කළේ.

තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිළිගත් දේශපාලන පක්ෂ 52ක් ද ස්වාධීන කණ්ඩායම් 06ක ද නාම යෝජනා ප්‍රතික්ෂේ වූ බව කී ඒ මහතා, නාවලපිටිය නගර සභාව සහ මැදදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා පමණක් ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප නොවුණූ බව කීවේය.

ඒ අනුව මහනුවර මහ නගර සභාවේ පිළිගත් දේශපාලන පක්ෂ 04ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් වශයෙන් නාම යෝජනා 06ක් ප්‍රතික්ෂේප වූ බව කී තේරීම්භාර නිලධාරීවරයා, පන්විල ප්‍රාදේශීය සභාවේ පිළිගත් දේශපාලන පක්ෂ 05ක් සහ ස්වාධීන කණ්ඩායම් 01ක් වශයෙන් නාම යෝජනා 06ක් ප්‍රතික්ෂේප වූ බව ද කීවේය.

වත්තේගම නගර සභාව, කඩුගන්නාව නගර සභාව, ගම්පොල නගර සභාව ද තුම්පනේ, හාරිස්පත්තුව, අකුරණ, පූජාපිටිය, පාතදුම්බර, උඩුදුම්බර, මිනිපේ, කුණ්ඩසාලේ, පාතහේවාහැට, ගගවට කෝරළය, යටිනුවර, උඩුනුවර, උඩපළාත, ගගඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව ද තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදංචි ඡන්ද සංඛ්‍යාව දෙළොස්ලක්ෂ දෙදහස් පන්සිය පනස් අටක් (1 202 558) වන අතර පළාත් පාලන මැතවරණය සඳහා ඡන්ද කොට්ඨාශ 368ක ඡන්ද මධ්‍යස්ථාන 937ක් ක්‍රියාත්මක වන බව ද තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා තවදුරටත් පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...