යෝධසිංහට අවසාන තරගය අහිමි විය.

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 21, (LNW)කොළඹ

චමෝද් යෝධසිංහ සිය පළමු ගෘහස්ථ ක්‍රිඩා අත්දැකීම අවසාන පූර්ව වටය දක්වා පැමිණ නිමා කිරීම අගය කළ යුතුය.චීනයේ නැන්ජින් වෙත පැමිණ දිනක විවේකයෙන් පසුව ලෝක මට්ටමේ තරගයකට සහභාගි වෙමින් ඔහුගේ හොඳම කාලය වාර්තා කරන්නට නොහැකි වුව ද,චමෝද් මූලික තරගය මෙන්ම අවසාන පූර්ව තරගයද තත්පර 6.70 ට නිමා කරන්නට සමත්වීම අගය කිරීමට ප්‍රධානම හේතුව වන්නේය.ලෝක මට්ටමේ තරගකාරී ක්‍රීඩකයින් සමඟ උපරිම වේගයද සහිතව තරග දෙකක් ධාවනය කිරීම පහසු නැති අතර දිනක පමණ විවේකයකින් ඉනික්බිති ප්‍රමාණාත්මකව පරිසරයට හැඩ ගැසෙමින් පුහුණු කටයුතුවලටද අවස්ථාවක් නැතුව එය කරන්නට වීම අගය කිරීමට සුදුසු කරුණක් වන්නේය.


මූලික තරගයේදී තත්පර 0.141 ක හොඳ ආරම්භක ප්‍රතික්‍රියාවක් පෙන් වූ චමෝද් අවසාන පූර්ව තරගයේදී ද තත්පර 0.150 ක ප්‍රතික්‍රියා වේගයක් දක්වන්නට සමත් විය.සමහර විට එම ප්‍රතික්‍රීයක වේගය පළමු තරගයේ ආරම්භක ප්‍රතික්‍රීයක වේගයට සමාන වූවේනම් චමෝද් තරග නිමා කිරිමේ කාලය තත්පර 6.70 ට වඩා හොඳ අගයක් ගන්නටද තිබිණ.එහෙත් එය ක්‍රීඩකයාගේ වරදක් නොවන බව කිව යුතුය.චමෝද් අවසාන පූර්ව තරගයේ දී ඉසව්ව නිමා කළේ අටවැන්නා ලෙසය.


අඩු ජාත්‍යන්තර අත්දැකීම් මෙන්ම,ලොව සිටින වේගවත්ම ක්‍රීඩකයන් සමඟ තරග කරන්නට පැය කිහිපයක විවේකය සහිතව චමෝද් දස්කම් පාද්දී මීටර් 400 ඉසව්ව නියෝජනය කරන්නට සිටි කාලිංග කුමාරගේ එම ඉසව්ව නියෝජනය කිරීම සඳහා ආරම්භක ස්ථානයට පිවිසුණේ නැත.එය වෛච්‍ය හේතුවක් මත සිඳු වූවක් නොවේනම් ඔහුට මීටර් 400 සහය දිවීමේ තරගයට සහභාගි වන්නට ලැබෙන්නේ ද නැත.මීට පෙර ඔලිම්පික් සුදුසුකම් ලැබීම සඳහා පැවති ලෝක සහය දිවීමේ තරගාවලියට ද කල්වේලා ඇතුව සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වීසා නොලැබුණු අතර අවසාන මොහොතේ දී වීසා ලැබෙද්දී කාලිංග අසනීප බව දැන්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියට සහභාගි වීමට නොහැකි විය.


කාලිංග පෞද්ගලිකව මීටර් 400 සහය දිවීමේ ඉසව්වට අමතරව කේවල ඉසව්වට ද තරග කිරීමට උත්සාහ ගත්ත ද එය ද අහිමි වීමෙන් කාලිංග ට පැරිස් ගමන සම්පූර්ණයෙන් මඟ හැරිණි.
මීටර් 60 තරගයේ අවසාන තරගය ද පැවති අතර එහිදී ගෘහස්ථ පිටියේ වේගවත්ම මිනිසා වන්නට මහා බ්‍රිතාන්‍යයේ ජෙරමියාහ් අශූ සමත් විය.ඔහු තත්පර 6.49 න් ඉසව්ව නිම කරමින් ඔහුගේ පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් ඉසව්ව ජය ගත්තේය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...