ජනාධිපති ඉවත් කරන එක ලේසි නෑ, විස්වාසභංග යෝජනාවකින් කොහොමත් බෑ – ප්‍රතිභා

Date:

විස්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම කිසිසේත්ම සිදුකළ නොහැකි බව නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉවත් කළ හැකි එකම ක්‍රමය දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒම බවත්, එයද එතරම් පහසු ක්‍රියාවලියක් නොවන බවත් මහානාමහේවා මහතා සඳහන් කරනවා.

ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අවම වශයෙන් තුනෙන් දෙකක් අත්සන් කළයුතු බවත් ඉන්පසු එය කතානායකවරයාට බාරදිය යුතු බවත් පෙන්වා දෙන නීතිඥවරයා පවසන්නේ කතානායකවරයා එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලබන්නේ දෝෂාභියෝග යෝජනාවේ ඇතුළත් චෝදනා පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් පමණක් බවයි.

අදාල චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයද සෑහීමට පත්විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

ආණ්ඩුවට හෝ අගමැතිවරයාට හෝ විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ආකාරයෙන් ජනාධිපතිවරයාටද විස්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි යැයි කවුරුන් හෝ සිතන්නේ නම් එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එවැනි යෝජනාවක් බාරගැනීමට කතානායකවරයාටද නොහැකි බවත් ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...