ලෝක මාධ්‍ය නිදහස් දර්ශකය

Date:

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 28ක් ප්‍රවෘත්ති පත්‍ර කලාව සඳහා ඉතා නරක ස්ථානයක් ශ්‍රේණිගත කර ඇත.

චීනය, රුසියාව, සෞදි අරාබිය සහ පකිස්ථානය ඇතුළු රටවල බිලියන ගණන් ජනතාව ට පුවත් නිරාවරණය කිරීමේ අරගලයට දායකත්වය දක්වන මාධ්‍යෙව්දින්ට තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇත.

දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ ප්‍රචාරක කණ්ඩායම(the campaign group Reporters Without Borders) විසින් එළිදක්වන ලද වාර්ෂික මාධ්‍ය නිදහස ලැයිස්තුව, රටවල් 180ක සහ ප්‍රදේශ වල මාධ්‍ය තත්ත්වය පිළිබඳව අර්ථකතනය කරයි.

මියන්මාරයේ පසුගිය වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මාධ්‍යවේදීන් දුසිම් ගනනක් සිරගත කර ඇති එම රට මෙම ලැයිස්තුවේ වැඩි අවදානයක ලක්ව ඇත.

Reporters Without Borders සංවිධානය පවසන්නේ එරට මාධ්‍ය නිදහස වසර 10කින් ආපස්සට ගොස් ඇති බවයි.

මාධ්‍යවේදී ලයිරා මැකීගේ ඝාතනයෙන් පසු උතුරු අයර්ලන්තයේ මාධ්‍යවේදීන්ට සිදුවෙමින් පවතින තර්ජන ද මේ අතර කැපී පෙනේ.

නෝර්ඩික් රටවල් වන නෝර්වේ, ඩෙන්මාර්කය සහ ස්වීඩනය නැවත වරක් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඔවුන්ගේ ප්‍රකාශනයේ නිදහස සුරක්ෂත වන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ඇගයීමට ලක්ව තිබේ.

නැගෙනහිර යුරෝපයේ තත්වය වඩාත් අර්බුධ කාරී වන අතර, පෝලන්තය, හංගේරියාව සහ ඇල්බේනියාව කැපී පෙනේ.මාධ්‍ය නිදහස සඳහා පහළම ශ්‍රේණිගත කරන ලද යුරෝපීය රට ග්‍රීසිය වන අතර,ශ්‍රේණිගත කිරීම්වල 108 වැනි ස්ථානය දක්වා පහත වැටේ.

චීන රජය විවේචනය කරන මාධ්‍යවේදීන් ඉලක්ක කරන ආන්දොලනට හේතු වී ඇති,නව ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දීමෙන් පසු හොංකොං 148 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති .

මාධ්‍ය නිදහස සඳහා ඉහළම රටවල්,
1. නෝර්වේ
2. ඩෙන්මාර්කය
3. ස්වීඩනය
4. එස්තෝනියාව
5. ෆින්ලන්තය
24. එක්සත් රාජධානිය
39. ඕස්ට්‍රේලියාව
42. ඇමරිකා එක්සත් ජනපදය

මාධ්‍ය නිදහස සඳහා නරකම රටවල්
176. මියන්මාරය
177. ටර්ක්මෙනිස්තානය
178. ඉරානය
179. එරිත්‍රියාව

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ වර්ජනයක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : අද (25) දින...