චීනයේ මානව හිමිකම් පිළිබඳ දැක්ම සහ ස්ථාවරය විග්‍රහ කෙරේ!

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 58වන සැසිවාරයේදී ජාතික මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව පසුගිය 20 වනදා ජිනීවාහිදී පැවැත්විණ. එහිදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Chen Xu මහතා චීනයේ මානව හිමිකම් පිළිබඳ දැක්ම විග්‍රහ කරමින් මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණයට ලක් කිරීමට එරෙහිව කරුණු පැහැදිලි කළේය.

ඇතැම් රටවල් මානව හිමිකම් ප්‍රශ්න ප්‍රයෝජනයට ගනිමින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම, ද්විත්ව ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම, ගැටුම් හා විරෝධතා ඇති කිරීම සහ අයුතු ලෙස ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට ක්‍රියා කර ඇත. ඔවුන් සිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොසලකා “මානව හිමිකම් විනිසුරුවෙකු” ලෙසට ස්වයංව පෙනී සිටිමින් වෙනත් රටවල මානව හිමිකම් තත්ත්වයට හිතාමතාම චෝදනා කරන බව ද ඔහු පැවසුවේය.

චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ හා Xizang ස්වායත්තයේ සමාජය සමෘද්ධිමත් මෙන්ම ස්ථාවරව පවතී. චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පුරවැසියන් ද පූර්ණ නීත්‍යනුකූල ආයිතිවාසිකම් හා නිදහස භුක්ති විඳිමින් සිටින බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.

ඒ ඒ රටවල ජනතාව ස්වාධීන ලෙස තෝරා ගත් මානව හිමිකම් සංවර්ධන මාර්ග කෙරෙහි චීනය සැම විටම ගරු කරන අතර අනාගත දේශපාලන ශිෂ්ටාචාරය සංවර්ධනය කිරීමට චීනය දායකත්වය ලබා දෙන බවද චීන නියෝජිතවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...