මහජන ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. තැනින් තැන වෙඩිතැබීම් වලින් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ – ඇමති අරුණ

Date:

මේ දිනවල තැනින් තැන සිදුවන වෙඩිතැබීම්වලින් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

“ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔබලාට දැකගන්න පුළුවන් පසුගිය කාලේ කොහොමද ඒ වැඩ කටයුතු අපි කරේ කියලා. විශේෂයෙන්ම පොලීසිය මූලික වෙලා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සියලු වැඩ කටයුතු ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා. ඒ වගේම ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර, ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි මුළු ලංකාවෙම මහජන ආරක්ෂාව දැනට තහවුරු කරලා තියෙනවා”

ප්‍රශ්නය – ඇමතිතුමා දැන් තැනින් තැන වෙඩිතැබීම් වෙනවා, දකුණේ පාතාලය නැවතත් ඇවිල්ලා තියෙනවා. මේවා මැඩපවත්වන්න ක්‍රියාමාර්ගයක් නැද්ද ?

“නැවත ඒමක් නෙවෙයි, ඒ පාතාල කල්ලිවල ඝට්ඨනයක් යන්නෙ. එහෙම නැතිව මේ ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ. අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒ ගැන ඉතාමත් විශේෂයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. අද මේ ලොකු වැඩකට යන්න තියෙනවා, විනාඩි තුනයි තියෙන්නෙ. බොහෝම ස්තූතියි”

අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (මාර්තු 25) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...