ඖෂධ වංචාවට හිටපු ඇමති කෙහෙළියගේ සෘජු සම්බන්ධය කෝප් කමිටුවේදී එළියට!

Date:

කොළඹ LNW:2022 වසරේ ඔක්තෝම්බර් මස මෙරට ඖෂධ හිඟයක් ඇති බවට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට උපදෙස් දී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

ඖෂධ ශුන්‍ය බවට දක්වමින් හදිසි මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ගැනීමට හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අදාළ කැබිනට් පත්‍රය යොමුකර තිබුණේ 2022 වසරේ ඔක්තෝම්බර් 25 වැනිදාය.

ඒ අනුව් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ වාචික උපදෙස් මත හිටපු ලේකම්වරයා එම කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අංශයේ අතිරේක ලේකම්වරයාට පවරා තිබේ. ඒ අනුවයි අදාළ කැබිනට් පත්‍රිකාව සකස් වී ඇත්තේ.

ඖෂධ මිලදී ගැනීම සඳහා වන සැපයුම්කරු ද නම් කර ඇත්තේ හිටපු ඇමතිවරයා විසිනි.

මෙම කරුණු අනාවරණය වුණේ කෝප් කමිටුවේදී සාක්ෂි දුන් ඖෂධ නියාමන අධිකාරිය නියෝජනය කළ හිටපු භාණ්ඩාගාර අධ්‍යක්ෂවරයාගේ කරුණු දැක්වීම හරහාය.

ඒ අනුව ඇමතිවරයාගේ උපදෙස් මත අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරන අලද බව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කෝප් කමිටුවේදී පිළිගනු ලැබීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...