වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනා ගැනේ!

රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ (LNW):

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට දූෂණය කළ සැකකරු එම වෛද්‍යවරිය විසින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගත් බව වාර්තා වේ.

අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේ දී හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්වුණු බව සඳහන් වේ.එහිදී සැකකරු හඳුනාගැනීමට වෛද්‍යවරියට හැකිවූ බව පැවසේ.

වෛද්‍යවරිය බිය ගන්වා ලිංගික හිංසනයට ලක් කිරිමේ සිද්ධියට අදාළ සැකකරු පැය 24ක් යාමටත් පෙර ගල්නෑව ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනීමට පොලිසිය හැකි වූ අතර, ඒ සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා තිබුණි.අත්අඩංගුවට ගැනීමෙන් පසු  අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගැනුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...