බය නැතුව ආයෝජනය කරන්න.අපට ඇල්වතුර වීදුරුවක්වත් එපා – වටගල

Date:

කොළඹ LNW:මේ වන විට රටේ නිශ්චිත දේශපාලන ස්ථාවරත්වයක්,නිසි ජනාධිපතිවරයෙක් මෙන්ම කැබිනට් මණ්ඩලයක්,ස්ථිරසාර අයවැයක් තුළ ආයෝජකයින්ට අවස්ථාව දී ඇති බව මහජන ආරක්ෂක,පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

මේ වන විටත් දෙස් විදෙස් ආයෝජකයින් රැසක් පැමිණ සිටින අතර ජනාධිපතිවරයාගේ සිට පහළට ඇල්වතුර වීදුරුවක්වත් කොමිස් ලෙස අවශ්‍ය නොවන හෙයින් බිය නොවී ආයෝජනය කළ හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”රටේ නිශ්චිත දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා. රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. ස්ථිරසාර අයවැයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අයවැය ඇතුලේ ආයෝජකයින්ට අවස්ථාව ලබාදීලා තියෙනවා. දෙස් විදෙස් ආයෝකයෝ ගොඩක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ආයෝජකයින්ට ආයෝජනය කරන්න බයක් වෙන්න ඕනේ නැහැ. මොකද අපේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳල පල්ලෙහාට කියන කතාවක් තියෙනවා ඔයගොල්ලෝ ආයෝජනය කරන්න අපට ඔයගොල්ලන්ගෙන කොමිස් ලෙස ඇල්වතුර වීදුරුවක්වත් එපා. ඒ නිසා අපි දන්නවා ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටුනෙම ඔය ඇල්වතුර වීදුරුවේ ඉඳල සුළු අල්ලසේ ඉදල එහාට ගියපු දේවල් එක්ක තමයි මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාගෙන වැටුණේ.” යනුවෙන් හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...